Header Ads

කෝට්ටේ මන්ත‍්‍රී සමථ මණ්ඩලයේ දී බිරිඳට සහ නිලධාරීන්ට පහරදිලා

කෝට්ටේ නාගරික මන්තී‍්‍ර ධනුෂ්ක විශ්වජිත් මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තම බිරිඳට සහ කෝට්ටේ සමථ මණ්ඩල නිලධාරීන් 3 දෙනෙකුට පහර දීමේ චෝදනාව මතයි. මීට පෙර ද බිරිඳට පහර දීමේ චෝදනා එල්ල වූ මෙම සැකකාර මන්ත‍්‍රීවරයා 15 දා ජයවර්ධනපුර බාලිකා විදුහලේ පැවැති සමථ මණ්ඩලය වෙත කැදවා තිබුණා. ඒ, බිරිඳ සමඟ ඇති ගැටුම සමථයකට පත් කිරීමටයි. එහිදී ද ඔහු
බිරිඳට පහර දී ඇති අතර එය වැළැක්වීමට ගිය සමථ මණ්ඩල නිලධාරීන්ට ද පහර දී තිබෙනවා. පසුව අත්අඩංගුවට ගත් සැකකාර මන්ත‍්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

No comments

Powered by Blogger.