Header Ads

බ්ලූ ෆිල්ම් බලපු තරුණියට ආසාවෙන් ඇඟට රිංගූ ප්‍රෙතයකු කළ විපතක්

සමහර මවුපියන් තමන්ගේ ව්‍යාපාර ආදී කටයුතුවලට මුළු කාලයම කැප කරන්නේ ආර්ථික දියුණුවම ජීවත්වීම යැයි සිතාගෙනය. මේ හේතුවෙන් අවුල් වී ගිය පවුල් බොහෝය.

ජයවීර හෝමාගමට ආසන්නව පදිංචි ව්‍යාපාරිකයෙකි. සිය ව්‍යාපාරික කටයුතු සඳහා පාන්දරින්ම නිවෙසින් පිටත්ව යන ඔහු ආපසු නිවෙසට පැමිණෙන්නේ මැදියම් රැයේය. බොහෝවිට තම එකම දියණියට මේ පියා දැකගන්නට ලැබෙන්නේ මාසයකට දින හතර
පහකටවත් අඩුවෙනි. ඊටත් වඩා බරපතළ ගැටලුව වී ඇත්තේ ජයවීරගේ බිරිය සුජීවාද දිනපතාම සමාජ සේවා සංවිධානවල කටයුතු සඳහා නිවෙසින් පිටව ගොස් කාලය ගත කිරීමය. එය නම්බුකාර ඉහළ පැළැන්තියේ සමහර පවුල්වල නෝනලාගේ චර්යාවකි. ඇතැම් දිනෙක ඇය ටිකක් වේලාසනින් බංගලාවට පැමිණියද වහාම ඇඳුම් මාරු කරගෙන ශාරීරික ව්‍යායාම සඳහා පිටත්ව යන්නීය. මේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයාත්, ඉහළ පෙළේ සමාජ සේවිකාවත් මෙසේ නිතර නිවෙසින් පිටව සිටීම නිසා තම එකම දියණියට තනි නොතනියටත් ඇයි හොඳයියටත් සිටින්නේ සේවිකාවකි. දහඅට හැවිරිදි දියණිය චාමිකා ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන්නීය.

රුපියල් ශත පස්සේ දුවන තාත්තාත්, සමිති සමාගම්, ළමා නිවාස ආදියේ පොදු සේවයේ දෝලනය වන අම්මාත් දුවගේ අධ්‍යාපනයද මුදලටම භාර දී ටියුෂන් ගුරුවරයකු ගෙදරට ගෙන්වා දුන්හ. අන්තර් ජාලයෙන් වැඩිහිටි දර්ශන බලන්නට පුරුදුව සිටි චාමිකා විසිනව හැවිරිදි විවාහක ටියුෂන් ගුරුවරයා සමඟ තම නිදන කාමරයේ ලගිද්දී එය සේවිකාවගේ ඇස ගැටිණි.
සේවිකාව මේ පොඩි නෝනාගේ රහස්‍ය සිද්ධිය ලොකු නෝනාගේ කනේ තැබුවාය. සුජීවා කළේ වහාම ටියුෂන් සර්ගේ ගෙදරට ගොස් ඔහුට කම්මුල් පහර කීපයක් ගැසීමය.

එතැන් පටන් මේ වන විට චාමිකා අසම්මත චර්යාවන්ට ඇබ්බැහි වී පවුල්කාර පිරිමින් පස්දෙනකු සමඟ පලා ගොස් සැඟවී සිටියදී මවුපියෝ ඇය සොයාගෙන පැමිණියහ. කෙල්ල කැමැත්තෙන්ම ඉදිරිපත් වේ නම් ඇගේ ළඟ ඕනෑතරම් මුදල් ගැවසේ නම් ගසා යන ජලයෙන් දෝතක් ගන්නට ගැනුම්කාරයන් නැද්ද?
මෙසේ අතින් අතට ගිය තරුණිය, බලා සිටියදී සිරුර වැහැරී ගොස් අසනීප වූවාය. රාත්‍රියට හීනෙන් බය වී අඬන්නට වූවාය. 'මව්බිම' පත්‍රයේ පළවන "මළවුන්ගේ හෝරාව" විශේෂාංගය කියැවූ ජයවීර, සුජීවා සමඟ සාකච්ඡා කොට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා දියණිය කැඳවාගෙන ආවේය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී චාමිකාට ප්‍රතිකාර පැතීය.

පළමු ගවේෂණයේදී චාමිකා ගැහෙන්නටත් යටි ගිරියෙන් හූ කියමින් අඬන්නටත් වූවාය. දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා විසි එකක් පවත්වන ලෙසටත් ඊට පවුලේ තුන්දෙනාම සහභාගි විය යුතු බවටත් ගවේෂකවරයා උපදෙස් දුන්නේය.
ඊළඟට ඔවුන් පැමිණෙන දිනයේ නාගොඩවිතාන මහතා වැඩිහිටියන් ඉවත්කොට රෝගී තරුණිය සමඟ සාකච්ඡා කළේය.

"මම ඉන්ටර්නැෂනල් ස්කූල් එකකටයි ගියේ. මගේ පන්තියේ මිතුරියක් මට ඩී.වී.ඩී. එකක් දුන්නා. ඒක බ්ලූ ෆිල්ම් එකක්. මගේ තාත්තා ගෙදර එන්නේ හොඳටම රෑ වෙලා. අම්මා සමාජ සේවයට ගිහින් ගෙදර එන්නේ හවස් වෙලා. ඒ ඇවිත් ජිම් එකට යනවා. එයත් ආපහු එන්නේ රෑ වෙලා. ඇවිත් ඒ දෙන්නා කෑම කාලා නිදා ගන්නවා. මට හරිම පාළුයි. මම බ්ලූ ෆිල්ම් බලන්න පුරුදු වුණා. මට උගන්නන්න ගෙදරට ආපු ටියුෂන් සර් දවසක් දැක්කා මම බ්ලූ ෆිල්ම් එකක් බලනවා. එයත් මගේ කාමරේට ඇවිත් ඒක බැලුවා. දවසක් වැඩකාරි කුස්සියේ වැඩ කරද්දී සර්රුයි මමයි මගේ නිදන කාමරේට ගියා. මේක වැඩකාරි දැකලා අම්මට කිව්වා. අම්මා සර්ගෙ ගෙදරට ගිහින් සර්ට ගහල ඇවිත් තිබුණා. ඊට පස්සෙ සර් ආවෙ නෑ. ඒ වුණාට මම රෑට නින්දට ගිහින් සර් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා."

මේ අතරේ මට මොනවා වුණාද දන්නේ නෑ. දැක්ක දැක්ක මිනිහත් එක්ක යන්න ආස හිතුණා. ඉස්කෝලෙ ගිය ගමන් පාරෙදි දැක්ක අය එක්ක යන්න හිතුණා. මේ වගේ පස්දෙනෙක් එක්ක ගියා. ඒත් තාත්තා මාව හොයාගෙන ආවා. දැන් මට කන්න බෑ. නින්ද යන්නෙ නෑ. හිටි හැටියේ මොනවා වෙනවාද කියලා මමම දන්නේ නෑ. ඒ වගේම නාන්න හිතෙන්නේ නෑ. පිරිසුදුවට ඉන්න හිතෙන්නෙ නෑ. හරිම ලස්සනට හැඩට පිරිසුදුවට හිටපු මගේ හැටි දැන් බලන්න. ඇට ගැහිලා." චාමිකා අඬන්නට වූවාය.
යළිත් මවුපියන් ගවේෂණ කාමරයට ගෙන්වා චාමිකා වෙත ශක්ති කිරණ එල්ලකොට දිෂ්ටි ගැන්වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

"කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නේ?"
"මට මගේ නම මතක නෑ."
"කොහේ කෙනෙක්ද?"
"අනුරාධපුරයේ."
"ඇයි මෙහෙට ආවේ."
"දවසක් වාහනයක හැපිලා මම මැරුණා. ඊට පස්සේ පා වෙවී හිටියා. පා වෙවී එනකොට මේකිව දැකලා මේකිගෙ ඇඟට රිංගුවා."
"ඇයි මෙයාගෙම ඇඟට රිංගන්න හිතුණේ?"

"මේකි හැම තිස්සෙම කවුරු හරි පිරිමියෙක් මෙයා ළඟට එනව නම් හොඳයි කිය කියා හිත හිතා ඉන්නවා. නිතරම බ්ලූ ෆිල්ම් බලනවා. ඒ වෙලාවට මෙයාගෙ ශරීරයෙන් සුවඳක් පිට වෙනවා. ඒක ආශාවේ කිරණක්. මමත් ඒකට ආශා හිතිලා ඇඟට රිංගුවා. මේකි කවුරු හරි පිරිමියෙක් එක්ක කතා කළොත්, නැත්නම් පිරිමියෙක් මේකි එක්ක කතා කළොත්, මම ඒ මිනිහගෙ ශරීරයට රිංගලා ඔළුව අවුල්කර මුන් දෙන්නව සම්බන්ධ කරනවා. එකතු කරනවා. මම ඒවා බලලා සතුටු වෙනවා. මම දැන් මෙයාව දාලා යන්නේ නෑ. මට මෙයාව දාලා යන්න බෑ. අනේ මහත්මයා මට යන්න නම් කියන්න එපා"යි භූතාත්මය බැගෑපත් වූයේය.

"එහෙම කියලා හරියන්නේ නෑ. මේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න ඉඩ දෙන්න බෑ. මෙයා මනුස්ස දුවක්. තමුන් අමනුස්සයෙක්. මෙහෙම ගියොත් මේ ළමයා මැරිලා යාවි. පවුලේ එකම දරුවා. මිනිස්සු අතින් වැරැදි අඩුපාඩු වෙනවා. ඒත් ඒවා නිවැරැදි කරගෙන ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනෑ. තමුන් අනුරාධපුරේ කෙනෙක් නම් මේවයෙ රස්තියාදු ගහන්න ඕනෑ නෑ. අනුරාධපුරය කියන්නේ පින් බිමක්. අනුරාධපුරේ ඉන්නකොට පිනට දහමට යොමු වෙන්න පුළුවන්. කරුණාකර මේ ශරීරයෙන් ඉවත්වෙලා වහාම පිටවෙලා යන්නැ"යි කියා ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය දවා ශරීරයෙන් එළියට ඇද දැම්මේය. චාමිකාගේ පලුදු වී තිබුණු ශක්ති වළල්ල (ඕරා) සකස් කොට ආරක්‍ෂාවක් දැම්මේය.

ඊළඟට මවුපිය දෙදෙනාට අවවාද කළේය. "මහත්තයයා මිනිස්සු බිස්නස් කරන්නේ ජීවත් වෙන්න. ඒ මිසක් ජීවත්වෙන්නේ බිස්නස් කරන්න නෙවෙයි. රුපියල් සත පස්සෙ දුවන තමන්ගෙ බිරිය දරුවො ගැන සිහියක් නෑ. ඒ අය කොහේ යනවද මොනවා කරනවද දන්නේ නෑ. රුපියල්.... රුපියල්... රුපියල්... විතරයි. තමුන්ට ඉන්නේ එකම දරුවයි. ඒ දරුවගේ ජීවිතේ කාලකණ්ණි වෙලා. දැන් රුපියල් සතවල වටිනාකමක් තියෙනවාද? තමන්ගෙ කාලය සැලැසුම් කරගන්න. පවුලේ අය සමඟ විනෝද ගමන් යන්න. ආගමික කටයුතුවල යෙදෙන්න. එකට කන්න බොන්න. ඒකට තමයි සහජීවනය කියන්නේ.

නෝනත් ඔය විකාර නතර කරන්න. සල්ලිකාර පවුල්වල නෝනලාගේ බොහොම දෙනෙක් ඔය සමාජ සේවය කියලා කරන්නේ දිලිසෙන්න. දැන් බලන්න ළමා නිවාස, සමිති සමාගම්, පොදු සංවිධානවලට කාලය කැප කරනවා. අනුන් හදන්න ඉස්සෙල්ලා තමන් ළඟ එකම දරුවා හදාගන්න බැලුවේ නැහැ. දැන් හිතලා බලන්න ඔය සමාජ සේවය කියලා කළේ බොරුවක්නෙ. නම්බුවට විකාර කරනවා. තමන්ගේ එකම දුවගේ ජීවිතේ කාලකණ්ණි වෙද්දී තමන් නම්බුවට බොරු කළා. ජිම් ගියා. ස්වීමින් පූල් ගියා. සමහර නෝනලා රටේ ප්‍රසිද්ධ හාමුදුරුවන්ගෙ පන්සල්වලට ගිහින් ඒවයෙ ඇතුළ පිට අතුගානවා. සමහර නෝනලා මුළු දවසම ගත කරන්නේ පන්සලේ. අම්මා තාත්තාට මහත්තයාට සලකන්නේ වැඩකාරයෝ. සාත්තු කරන්නේ වැඩකාරයෝ. ඕකද බුද්ධ ධර්මය? ඕවා හීනමානයට අහංකාරකමට බොරු නම්බුවට කරන වැඩ. මේ දරුවා මිනිස්සු පස්දෙනෙක් එක්ක අනාචාරයේ හැසිරෙද්දි අම්මා සමාජ සේවයෙ. මේ හැම දේකටම මවුපියෝ වගකියන්න ඕනෑ.

දැන් මේ ගෙදර සාමය, සමාදානය, සතුට රජ කරන තැනක් කරගන්න. උදේ පාන්දරින් අවදි වෙලා තුන්දෙනාම එකට බුදුන් වඳින්න. හැන්දෑවටත් එකට බුදුන් වඳින්න. ඉඩ තියෙන වෙලාවට තුන්දෙනාම පන්සලට ගිහින් බෝධි පූජා තියන්න. තුන්දෙනාම එකට එක මේසයේ ආහාර ගන්න. මහත්තයාත් දවල් කෑමට ගෙදර එන්න. තුන්දෙනා එක්ක ශ්‍රද්ධාවත් සතුටත් දෙකම ගොඩනඟාගෙන වන්දනා ගමනක් යන්න. ඔය ජීවිත අලුත් කරගන්න. මේ විදියට මාසයක් කටයුතු කරන්න. ඊට පස්සේ නෝනා මේ දුවත් එක්ක හොඳ රටකට ගිහින් දුවට උගන්නන්න. පිටරට හොඳ අධ්‍යාපන ආයතනයකට දුව ඇතුළු කරලා දුවට උගන්නන්න. දුව ඉගෙන ගන්න යවලා අම්මා ඇවිදින්න යන්න එපා. දුව ළඟින්ම ඉන්න. දුවට දැන් ආයෙත් ඉගෙන ගන්න පුළුවන්. අපල උපද්‍රව ඉවරයි. අවුරුද්දක් දෙකක් උගන්නලා උපාධියකුත් අරගෙන ලංකාවට එන්න. ඊට පස්සෙ හොඳ වැදගත් මහත්මයකුට දුව විවාහ කරදෙන්න"යි උපදෙස් දුන්නේය.
"හොඳට මතක තියාගන්න. එහෙම නොකළොත් ඔය සල්ලිවලින් වැඩක් නැහැ. වටිනාකමක් නැහැ. මුදල් කියන්නේ ගනුදෙනු මාධ්‍යයක් විතරයි." යනුවෙන් ද කීවේය.
මේ වන විට චාමිකා සිය මෑණියන් සමඟ විදේශගත වී අධ්‍යාපනය නැවත ආරම්භ කොට ඇත.

මතුගම - මහින්ද විජේතිලක

No comments

Powered by Blogger.