Header Ads

අසනිප දරුවට බත් එකක් අරන් පාර පැන්න සැමියා ඇමති බන්ධුලගේ පුතාගේ වාහනේට යටවෙලා මැරුණා

Add caption
කඩෙන් බත් එකක් බැඳගෙන දරුවා බලන්න ඉස්පිරිතාලෙට යන්න අනෙක් පැත්තට මාරු වෙල බන්ධුල ඇමැතිගෙ පුතාගේ වාහනේට යටවෙලා මැරුණා

මගේ දරුවාට දවල්ට බත් එකක් අරගෙන ඉස්පිරිතාලෙට යනවා කව්වා. මගේ මහත්තයාට අනේ දෙයියනේ... මේ මොකද වුණේ. දරුවා අසනිප වෙලා මාතර මහ ඉස්පිරිතාලේ නතර කරලා හිටියේ. මගේ මහත්තයා
කොත්තු කඩයක කොත්තු බාස් කෙනෙක් හැටියට රැකියාව කළේ. මහත්තයා පසුගිය මාසයේ 20 වැනිදා දහවල් එයා වැඩ කරන කඩෙන් බත් එකක් බැඳගෙන එයාගේ දරුවා බලන්න ඉස්පිරිතාලෙට යන්න මාතර මැදවත්ත ප්‍රදේශයේදී... මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ අනෙක් පැත්තට මාරු වෙල තියෙනවා. ඒ වෙලවේ ආපු ජීප් එකක හැප්පිලා මහත්යාට බරපතළ තුවාල සිදු වුණා. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහත්තයාගෙ පුතාගේ ජීප් එකේ තමයි මහත්තයා හැප්පිලා තියෙන්නේ. ඇමැතිතුමාගේ පුතා තමයි ජීප් එක පදවලා තියෙන්නේ.

මහත්තයා මහ ඉස්පිරිතාලේට ඇතුළත් කරලා ටික වෙලාවකින් කරාපිටිය යැව්වා. කරාපිටිය හොස්පිටල් එකේදී සැත්කමක් කරලා ආපහු එදාම රෑ 9.00ට විතර මාතර ඉස්පිරිතාලෙට ගෙනාවා. දවස් 13ක්ම දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබමින් සිටිය මගේ මහත්තයා මායි මගේ දරුවෝ දෙන්නයි තනිකරලා පසුගිය
(04 වැනිදා) සදහටම යන්න ගියා.

මාරගහවත්ත, තලල්ල, ගන්දර ප්‍රදේශයේ විසූ අංගම් පොඩි රංජිත් (52) නමැති දෙදරු පියකුගේ මරණයෙන් කම්පිතව සිටින බිරිය වන ගීතානි චන්ද්‍රිකා (48) මහත්මිය හැඬූ­ කඳුළෙන් පවසා සිටියාය. මගේ මහත්තයා රැකියාවක් ලෙස කළේ කොත්තු කඩවල කොත්තු බාස් කෙනෙක් හැටියට වැඩකරන එක. එහෙම හරි හබම්බ කරපු දෙයකින් තමයි දරුවෝ දෙන්නයි මමයි රැකුණේ. ලොකු දුව පියුමි මහේෂිකා ඒ ළමයා උසස් පෙළ විභාගයට ලියලා අවසන් වුණු ගමන් ඉක්මන් විවාහයක් කර ගත්තා. පුතා දැනට මාස කිහිපයකට ඉහත ඉඳන් ආතරයිටිස් කියන රෝගයෙන් පීඩා විඳිනවා. පුතාගේ කකුල් දෙකටම ඒ රෝගය වැලඳිලා තියෙන්නේ. දරුවා මහ ඉස්පිරිතාලේ නතර කරලා හිටියේ, ඒ ලෙඩේට ප්‍රතිකාර ගන්න දරුවාගේ තාත්තා එයාව බලන්න එන්න ඇවිත් තමයි මේ විදියට දින ගණනක් දුක් විඳලා අපිව දාලා යන්න ගියේ. පුතා රෝගියෙක්. එයාට වියදම් කළේ මගේ මහත්තයා... දැන් දෙවියනේ කවුද මේ දරු පවුලටම රැකවරණය දෙන්නේ. සිය ළයෙහි හටගත් වේදනා පිට කරමින් ගීතානි විමසන්නේ කවරෙක්ගෙන්ද යන්න කිසිවකුටත් පිළිතුරක් නැත.

මහත්තයා ඉස්පිරිතාලේ ඉන්න හැම දවසකම මහත්තයා ගැන හෙයලා බලන්න ඇමැතිතුමාගේ පුතා අමතක කළේ නැහැ. මුලදී මට රුපියල් 40,000ක් දුන්නා ලෙඩාගේ වියදම් කියලා. මහත්තයාගේ අවසන් කටයුතු කරන්න කියලා තව මුදල් ප්‍රමාණයක් දුන්නා. දැනට නම් අපට අසාධාරණයක් ඒ අයගෙන් සිදුවෙලා නැහැ. ඒත් ඉදිරියට මගේ දරුවන් ජීවත් කරවන්න ස්ථීර ආදායමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිව අසරණ කරන්නේ නැතිව අපට සාධාරණයක් ඉටු කරන්න කියලා ඉල්ලා සිටිනවා. වන්දි මුදල ලැබුණත් දරුවන්ට ආරක්ෂාවට හිටිය ආරක්ෂකයා නැතිවුණා කියන්නේ අපේ ජීවිත අඳුරේ කියන එකයි...

මාර / කොටුව ජනාධිපති විද්‍යාලයේ 08 වසර ඉගෙනුම ලබන දිනිත නවෝද්‍යා පියුමාල් 13 වැනි හැවිරිදි වියෙහි පසු වන ශිෂ්‍යයෙකි. හෙතෙම ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බව මෑත කාලීනව වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඇත. රෝගී තත්ත්වය නිසා පාසල් ගමනද ටික කලකට නතරව තිබේ. සිය පියාගේ වියෝවෙන් හෙතෙම කම්පනයට පත්ව සිටින අතර ඔහු අප හා පවසා සිටියේ තම පියාගේ වියෝව නිසා තමා, සහෝදරිය සහ මව අසරණ තත්ත්වයට පත්වී ඇති බවයි. 

No comments

Powered by Blogger.