Header Ads

අයිෆෝන් 6 ගන්න පෙම්වතිය විකුණන පෙම්වතා

මුලු ලෝකයම ආසාවෙන් බලන් හිටිය අයිෆෝන් 6 දුරකථනය මේ වෙනකොට පාරිභෝගිකයන් අතරට ඇවිත් තියෙනවා. කවුරු වුනත් කැමතිනේ අලුතින්ම ආව ෆෝන් එකක් පාවිච්චි කරන්න. ඒත් ඉතිං ගාණ තමයි සැර.

මේ විදියට ආව අයිෆෝන් 6 දුරකථනය මිලදී ගන්න සල්ලි නැති නිසා තමන්ගේ පෙම්වතිය අලෙවිකල තරුණයෙක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 Xiao Ai කියන පෙම්වතා තමයි මේ විදියට එයාගේ  පෙම්වතිය බෙදාගැනීමට කැමති බව දන්වලා Songjiang​ විශ්ව විද්‍යාලය ඉදිරිපිට දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තියෙන්නේ..


ඒ දැන්වීමේ සඳහන් වෙලා තියෙන විදියටඅනවශ්‍යය ක්‍රියාවන් සඳහා කිසිදු ඉඩක් නැති අතර පෙම්වතිය බෙදාගැනීම ඔහු සීමාකොට ඇත්තේ ඇය සමග ආහාර ගැනීම, පාඩම් කිරීම, වැනි කරුණු වලට විතරයිලු.
ඒ වෙනුවෙන් මෙයා පැයකට පවුමක්, දවසකට පවුම් පහක්, මසකට පවුම් 50 ද වගේ ගාස්තු අයකරනවා කියලත් ප්‍රසිද්ධ කරලා තියෙනවා. පෙම්වතියට කැමති අය වෙනුවෙන් මෙයා ඇගේ ඡායාරූපත් පෙන්නවා කියලා තමයි වැඩිදුරටත් ආරංචි වෙන්නේ.

No comments

Powered by Blogger.