Header Ads

ගැහැනුත් නොවන පිරිමිත් නොවන ඇමතිට වුණ දේ

සිංහල බෞද්ධයන්ට මෙරට අයිති මස් රාත්තල 28 වැනිදා පැවැත්වෙන බොදු බලසේනා සඟ සමුළුවේදී ඉල්ලා සිටින බව එහි, මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

මෙවර පැවැති උෟව පළාත් සභා මැතිවරණය මෙරට අවසන් පළාත් සභා මැතිවරණය වේවා යැයි ප්‍රාර්ථනයක් කළ උන්වහන්සේ, පිය - පුතු දේශපාලනය රටට පිළිකාවක් ලෙස ප්‍රචාරය වන බවද සඳහන් කළහ.


උන්වහන්සේ මේ බව කීවේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ ඊයේ (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
උෟව මැතිවරණය සන්ධානයට තීරණාත්මක එකක් වූ අතර ජනතාවට බලය දීමක් මිස පළාත් සභාවන්ට බලය දීමේ තේරුමක් නැති බවද උන්වහන්සේ පැවැසූහ.
බස්නාහිර, උෟව හා දකුණු පැවැති පළාත් සභා මැතිවරණවලදී කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ බොදු බලසේනා සංවිධානයට, බෞද්ධයාට හා භික්‍ෂුන්වහන්සේට අපහාස කළ බොහෝ දෙනා ඡන්දයෙන් පරාජය වී තිබීම බවද ඥානසාර හිමියෝ පැවැසූහ.


ගැහැනුත් නොවන පිරිමික් නොවන අමාත්‍යවරයාට එය හොඳින්ම තේරී ඇති බව පැවැසූ උන්වහන්සේ බෞද්ධ සාරධර්ම ගොඩනැඟුණු පරිපාලන ව්‍යුහයක් රටට අවශ්‍ය බවද ප්‍රකාශ කළහ.
උසස් පෙළ සමත් නොවුණු ඇමැතිවරු හා මන්ත්‍රිවරු එකසිය ගණනක් පාර්ලිමේන්තුවේ සිටින බව කී ඥානසාර හිමියෝ තක්කඩි, කටමැත ‍ෙදාඩවන ඇමැතිවරු නිසා ජාතිය බිඳ වැටී ඇති බවද කීහ.

No comments

Powered by Blogger.