Header Ads

සචිත්‍රට නැවත ක්‍රීඩා කිරීමට වරම්

අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරඟ තහනමකට ලක් වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දෙන අතරතුරේ ලංකාව තුල ක්‍රිකට් තරඟ වලට සහභාගී වීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතුකොට තිබේ.

සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ලබා දී ඇති වාර්තාව අධ්‍යයනය කොට ඔහුගේ ඉරියව්ව නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පුහුණුකරුවන්ට උපදෙස් ලබා දී ඇතිඅතර western Australia විශ්ව විද්‍යාලයේ සිටින විශේෂඥයන්ගේ උපදෙස් ලබාදීමද සිදුකරනු ලබයි.

මේවනවිටත් වැඩි කාලයක් තුල ලංකාවේ පුහුණුකරුවන් යටතේ පුහුණුවීම් වල යෙදීමෙන් සචිත්‍ර සිය පන්දු යැවීමේ නිවරදි කරගැනීමේ ක්‍රියාවලියේ විශාල ප්‍රගතියක් ලබාගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඉදිරි දිනයකදී පන්දු යැවීම නැවත පරීක්ෂා කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම තීරණයත් සමග සචිත්‍ර සේනානායක එළඹෙන ඔක්තෝබර් මස Mercantile Cricket තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිත වේ.

එක් දින ජාත්‍යන්තර තරඟ තිස් නවයකට සහභාගි වී ඇති සචිත්‍ර සේනානායක කඩුලු හතළිහක් රැස් කොට තිබේ.

No comments

Powered by Blogger.