Header Ads

ආසනේ පැරදුන ඩිලාන් පෙරේරාගේ මැරයන් හරීන්ට පහර දුන් හැටි

හරීන් ප්‍රනාන්දුට ඇමැති ඩිලාන් පෙරේරා සහ මැරයන් විසින් අද සවස හාලිඇල දී පහර දී තිබේ. මෙම ප්‍රහාරයෙන් හරීන් ප්‍රනාන්දුට තුවාල වී නැතත් ඔහු සමග සිටි පිරිස තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ගමන් ගත් රථ වලට මිලියන ගණනක අලාභයක් සිදුව තිබේ.

අද සවස 6 ට පමණ හරීන් ප්‍රනාන්දුට සහාය දැක්වූ හාලිඇල ප්‍රදේශයේ මුස්ලිම් නිවසකට ඩිලාන් පෙරේරා සහ මැර කණ්ඩායමක් පැමිණ පහර දෙන බව ආරංචි වීමෙන් පසු හරීන් ප්‍රනාන්දු එම ස්ථානයට ගොස් ඇත. එවිට එහි ඩිලාන් පෙරේරා සිටිනු දැක ඔහුට මේ පිලිබඳ කතා කිරීමට රථයෙන් බැස ඩිලාන් පෙරේරා අබියසට යද්දී හරීන්ට පහර දෙන්නැයි ඩිලාන් තම සහචරයන්ට නියෝග කර ඇත. ඒ සමගම හරීන් ප්‍රනාන්දුගේ හිතවතුන් ඔහුව බේරා ගත් නමුත් හිතවතුන්ට සහ රථ වලට ඩිලාන් ගේ මැරයෝ පහර දී තිබේ. තුවාල ලත් පිරිස මේ වන විට රෝහල් ගත කර ඇති අතර පොලිසිය පැමිණිල්ල ලියා ගැනීම මග හැර තිබේ. පසුව මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා ආදීන්ගේ බල කිරීම මත පැමිණිල්ල ලියාගෙන තිබේ.

ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශයක් කළ මන්ත්‍රී නීතිඥ අජිත් පෙරේරා කියා සිටියේ මැතිවරණයෙන් පසු ඊයේ සිට ආණ්ඩුව විසින් එල්ල කරන ලද බරපතල භීෂණය හේතුවෙන් බදුල්ලේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු 8 දෙනෙකු කැපුම් තුවාල සහිතව මේ වන විට රෝහල් ගත කර ඇති බවයි.

ඒ අතර ඡන්දය දා අවසාන අවස්ථාවේදී සීනි ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ මැරයන් විසින් එජාප නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී අම්පාර දිස්ත්‍රික්කයේ චන්දන ප්‍රභාත්ට එල්ල කරන ලද ප්‍රහාරය දරුණු බවත් ඔහු මේ වන විට කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ පිලිබඳ කිසිවෙකුගේ අවධානය යොමුවී නැති බවත් අජිත් පී පෙරේරා පැවසීය.

හාලිඇල නගරයේ පිහිටි ඌව පළාත් සභාවට එජාපයෙන් තේරී පත්වූ ජයන්ත කන්නන්ගර මහතාගේ කාර්යාලයක වූ කටවුට්‌වලට මෙසේ කිසියම් පිරිසක්‌ විසින් ගිනි තැබීමට යැමේදී දෙපිරිසක්‌ අතර කලහකාරී තත්ත්වයක්‌ හටගෙන තිබෙන අතර එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකු ද පහර කෑමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

තමා මෙම සිද්ධිය වීඩියෝ ගතකොට ත්‍රිරෝද රියකින් ආපසු එනවිට පිරිසක්‌ zමූ තමයි වීඩියෝ කළේZ යෑයි කියමින් ත්‍රිරෝද රියට හා තමාට පහර දුන් බව එම පහරදීම සිදුකළ පුද්ගලයන් ඇමැතිවරයකුගේ ආධාරකරුවන් බවත් තුවාල ලැබූ zසිරස්‌ ප්‍රාදේශීය මාධ්‍යවේදී කපිල චන්දන කුරුප්පුආරච්චි මහතා පැවැසීය.

තවද මෙම සිද්ධිය වීඩියෝ ගත කරගෙන යනවිට තමාගේ වාහනයටද පිරිසක්‌ පහරදී අලාභහානි සිදු කළ බව මාධ්‍යවේදී පාලිත ආරියවංශ මහතා ද පොලිසියට පැමිණිලිකොට ඇත.


No comments

Powered by Blogger.