Header Ads

ඥාණසාර හිමියන්ට ප‍්‍රංශයෙත් ගෑනු ඉන්නවා.. –-- මර්වින් සිල්වා

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ පෙම්වතියක් ප‍්‍රංශයේ සිටින බවත් ඇයට උන් වහන්සේ රාජගිරියෙන් නිවසක් අරන් දුන් බවත් ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

මවුබිම පුවත්පත හා සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කරයි.

‘ඇගේ චීවරය දාගෙන හිටියට වැඩක් නෑ. මට දොස් කියන සමහර අයට ප‍්‍රංශයෙත් ගෑනු ඉන්නවා. මෙහෙ රාජගිරියේ ගේකුත් අරන් දුන්නා ඒ ගෑනිට. එයාට මතක් කරගන්න කියනවා එදා වේදිකාව උඩ මොකද වුණේ කියලා. පැනලා දිව්වා. දෙපත් නයා එයා. මම නෙවෙයි.

චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලේ එයා හිටියේ වෙන පක්ෂයක. එදා සිවුර ගැලෙව්වා හෝ ගලෝලා පස්සේ මම දන්නේ නැහැ කවුරු ඇන්දුවද කියලා. එයා දන්නවා ඒක. රටේ මිනිස්සුත් දන්නවා.

මේ රටේ යුද්ධෙ තිබුණා අවුරුදු 30 ක්. මොන රණවිරුවගේ අතේද එයා එක පිරිත් නූලක් බැන්දේ. මේ කතා කරන මර්වින් සිල්වා ගියා ඒවට. එයා මොනවද කළේ එයා තමයි දෙපත් නයා. මම හිතන්නේ සංසාර පුරුද්ද කියලා.

එයා මිනිස් පවුලට අයිති සාමාජිකයෙක් නම් නෙවෙයි. එයි අම්මා කෙනෙක් මේ ලෝකෙට බිහිකළා නම් චීවරයක් දාගෙන මෙහෙම හැසිරෙන්නේ නෑ’

No comments

Powered by Blogger.