Header Ads

බුද්ධික පතිරණට එරෙහිව මංගල සමරවීර නඩු දමයි..

එජාප මාධ්‍ය ප‍්‍රධානී සහ නායකත්ව මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් එම පක්‍ෂ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතාට එරෙහිව නඩු පැවරීමට සූදානම් වේ.

සිය පියාවන මහානාම සමරවික්‍රම මහතා 1962 පිහිටුවන ලද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව ඉදිරිපත්කළ පත්තර පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ රුපියල් 5,000කට හා ගල් බෝතලයකට යැයි එජාප මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් කල ප‍්‍රකාශකට එහෙිව මෙම නුඩ පැවරීම සිදු කරන බව සමරවීර මහතා සඳහන් කරයි.

අදාල ප්‍රකාශය මගින් සිය පියානන්ගේ කීර්තිනාමයට හානි සිදුවන බව පවසන මන්ත‍්‍රී සමරවීර මහතා තම පියානන් එසේ ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ මාධ්‍ය නිදහස වෙනුවෙන් බවද කියා සිටී.

No comments

Powered by Blogger.