Header Ads

චන්ද්‍රිකා නිසා මංගලගේ ආණ්ඩු ගමන නවතී

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර ආණ්ඩුවට එක් වන බවට පසුගිය දින කිහිපයේ විවිධ මාධ්‍ය වාර්තා පළ කර තිබිණි. මංගල සමරවීර සහ ආණ්ඩුව අතර සාකච්ඡා පැවති බවට ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින්ද සනාථ කර තිබිණි.
කෙසේ වෙතත් අපට වාර්තා වන අන්දමට මංගල සමරවීර මන්ත‍්‍රීවරයා ආණ්ඩුව සමඟ සාකච්ඡා කර ඇතත් ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් දෙගෙඩියාවක පසුවේ. ඊට හේතු වී ඇත්තේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා
බණ්ඩාරනායකයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් නුදුරේදීම පැමිණෙන බවත් ඔවුන් සමඟ එක්ව අලූත් පෙරමුණක් පිහිටුවීමට හැකියාව ඇති බවත් ඇය මංගල සමරවීරට පවසා ඇත.
එම පෙරමුණේ නායකත්වය ගැනීම සඳහා ආණ්ඩුවට නොගොස් නතර වන්නැයි ඇය මන්ත‍්‍රීවරයාගෙන් ඉල්ලා තිබේ. ඇගේ ඉල්ලීමට මංගල සමරවීර මන්ත‍්‍රීවරයා අනුකූළතාව දක්වා ඇත. මංගල සමරවීර හා ආණ්ඩුව අතර පැවති සාකච්ඡාවලදී ඔහුට විදේශ ඇමති ධුරය බාර දීම පිළිබඳවද සාකච්ඡා වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මංගල සමරවීර ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවට ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා විසින් ප‍්‍රසිද්ධ කරන ලද්දේ මන්ත‍්‍රීවරයා මෙම එකඟතා කඩ කරනු ඇතැයි යන විශ්වාසය නිසා බවද එම ආරංචි මාර්ග පවසයි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ආණ්ඩුව සමඟත් ආණ්ඩුවේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟත් සාකච්ඡා කරමින් සිටින අතර ඔවුන් කවුදැයි දෙපාර්ශ්වයම මේ දක්වා ප‍්‍රකාශයට පත් කර නැත.

lankaviews

No comments

Powered by Blogger.