Header Ads

මෛත්‍රීපාල වෙනුවෙන් හෙළ උරුමය ගමට බහී

ජනාධිපතිවරණයේ ‍පොදු අපේක්ෂකයාගේ ප්‍රචාරක වැඩපිළිවෙළ ජාතික හෙළ උරුමය විසින් ග්‍රාමීය මට්ටමින් වෙනම වැඩසටහනක් ලෙස කරගෙන යාමට එම පක්ෂය තීරණය කර ඇත.2005 ජනපතිවරණයේදී ගෙන ගිය ප්‍රචාරක වැඩපිළිවෙළට සමාන ප්‍රචාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කොට ‍පොදු
අපේක්ෂකයා දිනවීමට ඔවුන් සැලසුම් කර ඇත. ඒ අනුව ‍පොදු අපේක්ෂකයා සහභාගි වන ප්‍රධාන ප්‍රචාරක රැස්වීම්වලට හෙළ උරුමයේ නායකයන් සහභාගි වීමටද තීරණය
කර තිබේ. ඒ අනුව හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියන්, මහ‍ලේකම් පාඨලි චම්පික රණවක හා නියෝජ්‍ය ‍ලේකම් උදය ගම්මන්පිල යන අය ප්‍රධාන රැස්වීම්වලට සහභාගි වනු ඇත.
එසේම ජාතික මට්ටමෙන් පවත්වන ප්‍රධාන රැලිවලට එහි නායක ඕමල්පේ සෝභිත හිමියන්ද සහභාගි වීමට නියමිතය.

No comments

Powered by Blogger.