Header Ads

රාජපක්ෂ 5000 කොල හොදි හදල කාපු හැටි Video

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ප්‍රචාරක වියදම් වෙනුවෙන් රුපියල් එකසිය දහහත් කෝටි හැත්තෑ හතර ලක්ෂ තිස්හතර දහස් තුන්සිය තිස් තුනයි ශත හතලිස් හයක් (රු. 1,177,434,333.46) වියදම් කර ඇති බව ඊයේ (20) පාර්ලිමේන්තුවේදී හෙළි විය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙයට වසරකට පමණ පෙර නගා තිබූ ප්‍රශ්නයකට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ලබා දුන්
පිළිතුරෙන් මේ බව හෙළි විය.

අනුර දිසානායක මන්ත්‍රීවරයා අතුරු ප්‍රශ්නයක් නගමින් ''මම දැනගන්න කැමතියි මාධ්‍යවේදීන්ට කන්න දුන්නේ 5000 කොළද කියලා. 5000 කොළ මැල්ලුමක්, 5000 කොළ හොද්දක්, 5000 කොළ තැම්බුමක්ද කෑම වේලකට ලක්ෂ 100 ක් වියදම් කරන්න එහි මෙනු එක මොකක්ද? ''  යනුවෙන් ඇසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සභාපති ධූරය ලබා ගැනීම සඳහා චෝගම් සමුළුව ශ්‍රී ලංකාවේදී පවත්වනු ලැබූ අතර ඒ වෙනුවෙන් සිදු කරනු ලැබූ මුළු වියදම් පිළිබඳව තොරතුරු තවමත් හෙළිවී නැත. මාධ්‍ය ඒකකයේ කටයුතු වෙනුවෙන් පමණක් රු. 1,177,434,333.46 වියදම් කර තිබේ.

එයින් උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් වැයකර ඇත්තේ රුපියල් මිලියන පහක්ය. ඉතිරි රුපියල් මිලියන  එක්දහස් එකසිය දොළහක් වැය කර සිදු කරන ලද ප්‍රචාරක කටයුතු කුමක්දැයි මන්ත්‍රීවරයා දැඩි ලෙස ප්‍රශ්න කළේය.

No comments

Powered by Blogger.