Header Ads

රුවන් විජේවර්ධනට කෙලවුනේ අනූෂිගේ ඩීල් නිසයි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන මහතා හිටි හැටියේම ත්‍රිවිද හමුදාවට අයත් කටයුතු වලින් ජනාධිපතිවරයා විසින් ඉවත් කොට ඇත්තේ ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන අනුෂී ජයවර්ධනගේ ‘ඩීල්' නිසා බව වාර්තා වේ.

මෙම අනුෂි ජයවර්ධන යනු හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ සමීපතම ඥාතිවරියකි. කොළඹ ව්‍යාපාරික කවයන් අතර
කුප්‍රකට නමක් දිනා සිටින මෙම අනුෂි ජයවර්ධන, රුවන් විජේවර්ධන පදවියට පත්වූ දා සිටම කර ඇත්තේ කුප්‍රකට අවිජාවාරම්කරුවන් සමග ඩීල් දැමීමයි. ඇගේ ව්‍යාපාරික හවුල්කරුවා වන්නේ මහරාජා ආයතනයේ නිමල් කුක්ය. ඇය කෙලින්ම ඔවුන්ට පවසා ඇත්තේ කොමිස් මුදල් පිළිබඳව නිමල් කුක් සමග වැඩි විස්තර කතා කර ගන්නා ලෙසයි. මෙම නිමල් කුක් යනු සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු කිලී මහරාජාගේ ගෝලයෙකි.

එමෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන මන්ත්‍රී අචල ජාගොඩ මහතාගේ සොයුරා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ට විවිධ තාඩන පීඩන එල්ල කිරීමද විජේවර්ධන මහතාගේ බලතල කප්පාදුව සඳහා අඩුවැඩි වශයෙන් දායක වී ඇති බව සඳහන් වේ.

No comments

Powered by Blogger.