Header Ads

අහෝ.. රෙද්ද අස්සේ දාගත් ගද්‍රභයන් කනෝ කනෝ..! ජනාධිපති මෛත්‍රීත් වාරණයට ලක් කරලා..!!

තමන් උසස් පෙළ විභාගයට ලිවීමට පැමිණියේ ආණ්ඩු පෙරළන සන්නද්ධ අරගලයකට සැකය මත අත් අඩංගුවට පත්ව සිටියදී මාංචු සමග පොලිස් ආරක්ෂාව යටතේ යැයි රටක ජනාධිපතිවරයෙක් ප්‍රසිද්ධියේ රූපවාහිනී සංවාදයකදී පළමු වරට ප්‍රකාශ කළ හොත් එය ලොව මවිත කරවන පුවතක් වනවාට කිසිදු සැකයක් නැත.

එවැනි පුවතක් වාරණය කළා නම් ඒතරම් තිරශ්චීන ගෝත්‍රික මාධ්‍ය කලාවක් ලොව කොහේවත් නොමැති බවට ද කිසිදු වාදයක් නැත.

පසුගිය 31 වෙනිදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු පළමු වරට රූපවාහිනී නාලිකාවකට පැමිණ උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවේදී එවැනි දුර්ලභ අත්දැකීමක් ප්‍රකාශ කර ඇති නමුත් එය ශ්‍රාවක ප්‍රේක්ෂක හුදී ජනයාට අසන්නට බලන්නට ඉඩක් නොතබා ජාතික රූපවාහිනියට රතන හිමිපාණන් විසින් වඩම්මන ලද සභාපති සෝමරත්න දිසානායක නමැති ගද්‍රභයා විසින් වාරණය කර තිබේ.

71 කැරැල්ල සමයේදී 20 වැනි වියේ පසුවූ මෛත්‍රීපාල සිරිසේන නම් වාමාංශික මතවාදයේ සිටි තරුණ සිසුවා ජවිපෙට කිසිදු සබඳතාවයක් නොතිබුනේ වී නමුත් වමේ මදයෙන් සිටි නිසා සැක පිට අත් අඩංගුවට ගෙන තිබූ අතර ඒ සමග පැමිණි අපොස උසස් පෙළ විභාගයට උත්තර ලිවීමට පැමිණ ඇත්තේ අත් අඩංගුවේ සිටිමින් පොලිසිය සමග මාංචු සහිතව යැයි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එකී සංවාදයේදී ප්‍රකාශ කර ඇත.

එපමණක් නොව ඔහු තවත් බොහෝ දෑ ප්‍රකාශ කර ඇත. තමන් පොදු අපේක්ෂකයා වූ ක්‍රියාන්විතය. ආණ්ඩුවෙන් ඉවත් වී එද්දී එය වැළැක්වීමට මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයකින් හඹා ආ අන්දම ආදී තව ඉතා වැදගත් ප්‍රකාශ රැසක් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම සංවාදයේදී හෙළිදරව් කර ඇත.

නමුත් ඒ සියල්ල ජාතික රූපවාහිනිය බිලිගෙන සිටින සභාපති සෝමරත්න දිසානායක ගද්‍රභයා විසින් කපා දමා තිබේ. රූපවාහිනී වැඩ සටහනක් සංස්කරණය කරන්නේ නම් එ් පිලිබඳ තීරණය කළ යුත්තේ එහි නිෂ්පාදකයා සහ ඒ අංශයේ අධ්‍යක්ෂ වරයා මිස සංස්ථා සභාපතිවරයා නොවේ. නමුත් සෝමරත්න ගද්‍රභයාට ඒවා වැඩක් නැත.

එදින ඔහු සහභාගී වන වැඩ සටහනක් ද ප්‍රචාරය කිරීමට අවශ්‍ය නිසා එනම් මෛත්‍රී ජනාධිපතිගේ කතාව බලන්නට එන වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවට බලෙන්ම තම මුහුනත් තහඩුව පෙන්වා ගැනීමට අවශ්‍ය නිසා ජනාධිපතිවරයාගේ සම්මුඛ සංවාදයෙන් හරියටම පැයක කාලයක් ගද්‍රභයා විසින් ගිල දමා තමාගේ වැඩ සටහන විකාශ කර තිබේ.

මෙය තොරතුරු දැනගැනීමට ප්‍රේක්ෂක ශ්‍රාවක මහජනයාට ඇති අයිතිය ගද්‍රභයා විසින් උලා කෑමකි. මෙවන් ගද්‍රභයන් මෙවන් ආයතන වල ඉහලම තැනට පත් නොකරන්නැයි ඒ පිළිබඳ දැනුම් තේරුම් ඇත්තන් කොතෙකුත් කීවද මේ දිනවල රතන හිමියන්ට බුදු හිමියන් සේ සලකන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් එහිමියන්ගේ කීමට කරන ලද පත් කිරීමක් නිසා මේවා ඔහුටද හොඳ පාඩමක් වනු ඇත.

ලක්ෂ සංඛ්‍යාත මහජනතාව වෙනුවෙන් ලංකා ඊ නිව්ස් ඉල්ලා සිටින්නේ මෛත්‍රී සංවාදයේ ගද්‍රභයා විසින් උලා කන ලද පැය වහාම රූපවාහිනියේ යලි විකාශ කරන ලෙසයි. ඒ සඳහා ජනමාධ්‍ය ඇමැතිට ජනමාධ්‍ය ලේකම්ට බල කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලමු.

පසු සටහන : ගද්‍රභයා යනු කොටළුවාට තවත් නමකි

No comments

Powered by Blogger.