Header Ads

මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් පෝර මළු වල ඔබා සල්ලි බිලියන ගණන් ගෙනා හැටි සවිස්තරාත්මකව හෙළිවේ

හිටපු ජනාධිපති කාර්ය ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා රජයේ පරිපාලන නිලධාරියෙක් වුවද ඔහු විසින් පසුගිය කාල සීමාව තුළ චීන සහ කැසිනෝ ජාවාරම් කරුවන්ගෙන් පෝර මළු ගණනින් රැස්කර ඇති අතිවිශාල දේපළ පිළිබඳ වාර්තාවක් ජාතික හෙළ උරුමයට ලැබී ඇති අතර මේ තරම් ධනස්කන්දයක් ඔහුට නීත්‍යාණුකූලව උපයා ගත නොහැකි බව ජා.හෙ.උ. විසින් සිදුකරන ලද විමර්ශනයේදී පැහැදිලි වී ඇති බැවින් ඒ ගැන විශේෂ විමර්ශනයක් කරන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකට පැමිණිලි කර තිබේ.

සෙනරත් මහතා විසින් දේපළක් රැස්කිරීමේ දී 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ 3 සිට 5 දක්වා වගන්ති වලට වැටෙන නීත්‍යානුකූල මාර්ග වලින් උපයා ඇද්ද?

එලෙස උපයාගත් මුදල් හා දේපළ පිළිබඳ වාර්තා දේශීය ආදායම් අංශයට ලබා දී ඇද්ද? ඔහු විසින් උපයාගත් ආදායම් සඳහා ආදායම් බදු ලිපි ගොනුවක් ආරම්භ කර ඇද්ද?

නිත්‍යානුකූල නොවන මාර්ග වලින් මුදල් හෝ දේපළ උපයා ඇත්නම් රජයට ලැබිය යුතු බදු ආදායම සහ දඩ මුදල් අයකරගෙන ඇද්ද?

රජයට අයවිය යුතු බදු මුදල් හා දඩ මුදල් ලබා නොදීම නිසා රජයට වංචා කිරීමක් සිදු කර ඇති බැවින් අපරාධ නීතිය යටතේ සුදුසු පියවර ගන්නේද?

ආදී ප්‍රශ්න රැසක් ජා.හෙ.උරුමය විසින් දේශීය ආදායම් කොමසාරිස් වරයාගෙන් නගා තිබේ.

පහත දැක්වෙන්නේ ගාමිණී සෙනරත් විසින් 2013 සැප්තැම්බරයේ සිට 2014 දෙසැම්බරය දක්වා වසරක් තුල වරින් වර නිවසට මිලියන ගණනින් පෝර උර ගණනින් මුදල් ගෙන ආ අකාරය සහ ඔහු සතු වත්කම්ය. මේ සියල්ල අදායම් කොමසාරිස් වරයාට බාර දී තිබේ.

• 2013 සැප් 25 - පෙ.ව. 11.00 ට ගාමිණී සෙනරත්ගේ ඥාති සොහොයුරෙක් වන සුනිල් සේදර සෙනරත් ග්‍රෙගරි පාරේ නිවසේ සිට රියැදුරු පෙරේරා පදවන ලද ඩබ්.පී.එම්.අයි 4680 දරණ ජීප් රථයෙන් ඒ-4 කාඩ්බෝඩ් පෙට්ටි 03 ක් පුරවා මුදල් රැගෙන ගියා. තවද 2013 ඔක්තෝම්බර් 03 දා එම රථයෙන්ම ටිව්ලික් කවරයක මුදල් පුරවා රැගෙන ගියා.

• 2013 නොවැ 09 - රාත්‍රී 9.50 ට පමණ රවි විෙජ්රත්න නමැති කැසිනෝ හිමියාගේ ග්‍රෙගරි පාරේ පිහිටි නිවසේ සිට චීන ජාතිකයන් හමුවී ඔවුන් පැමිණි කේ.එල්.1824 දරණ රථයේ තිබූ මුදල් පුරවන ලද ඒ-4 කාඩ්බෝඩ් පෙට්ටි 5 ක් ගාමිණී සෙනරත්ගේ දැනට ලේකම් කාර්යාලයට බාර දී ඇති අංක කේ.එච්.3937 දරණ රථයෙන් රියැදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනෙවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත් සමග ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

• 2013 නොවැ 20 - උදේ 9.00 ට කේ එම් 1424 දරණ බෙන්ස් රථයෙන් ප්‍රභාත් නානායක්කාර නමැති පුද්ගලයා පෝර බෑග් 2 ක් පුරවා මුදල් ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා. එම බෑග් දෙක 2013 නොවැ 20 උදේ 10.00 ට පමණ කුඩාබාලගේ විසින් රැගෙන ගියා.

• 2014 පෙබ. 19 - දින අරලියගහ මන්දිරයේ සිට 301 - 9651 දරණ රථයෙන් ගාමිණී සෙනරත්ගේ මුදල් බාර බණ්ඩාර විසින් ලොකු රෙදි බෑගයක් පුරවා මුදල් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

• 2014 පෙබ 20 - අතුරුගිරියේ ගාමිණී සෙනරත්ට හිමි පෝමේට් කර්මාන්ත ශාලාවේ සේවය කරන ප්‍රසාද් යන අය විසින් විනිවිද පෙනෙන සුදුපාට ටියුරික් කවරයක ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට මුදල් එම කර්මාන්ත ශාලාවට රැගෙන ගියා.

• 2014 පෙබ 26 - ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේ මුදල් බාර බණ්ඩාර විසින් 301-9651 දරණ රථයෙන් කළුපාට හම් බෑගයක පුරවා මුදල් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

• 2014 පෙබ. 28 - උදේ 10.00 ට පමණ ඉහත කී පෝමේට් කර්මාන්ත ශාලාවේ වැඩ කරන ප්‍රසාද් විසින් මුදල් පිරවූ කළු පාට ලොකු බෑග් දෙකක් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසේ සිට ඉහත ෆැක්ටරියට රැගෙන ගියා.

• 2014 මාර්තු 03 - රාත්‍රී 8.00 ට පමණ රවි විෙජ්රත්නගේ ග්‍රෙගරි පාරේ නිවසට ගොස් චීන ජාතිකයන් හමුවී ඔවුන් රැගෙන එන ලද පෙට්ටියේ මිලියන වලින් සටහන් කරණ ලද මුදල් බහාලු පෙට්ටි 06 ක් රියැදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනෙවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

• 2014 මාර්තු 14 - ඉහත සඳහන් කාර්යාලයේ සේවක වන බණ්ඩා විසින් මුදල් පුරවන ලද කළු පාට ට්‍රැවලින් බෑග් දෙකක් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසින් රැගෙන ගියා

• 2014 අප්‍රේල් 11 - සවස 3.45 ට ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේ මුදල් බාර බණ්ඩාර විසින් ගාමිණී සෙනරත්ගේ නිවසර මුදල් පුරවන ලද කළු පොඩි බෑග් දෙකක් සහ ලොකු බෑග් දෙකක් රැගෙන ආවා.

• 2014 අප්‍රේල් 28 - උදේ 10 ට සුනිල් සේදර සෙනරත් විසින් කේ යූ 5270 දරණ ජිප් රථයෙන් මුදල් පුරවන ලද ලොකු ට්‍රැවලින් බෑග් 01 ක් සහ පොඩි ට්‍රැවලින් බෑග් 01 ක් ගාමිණී සෙනරත්ගේ නිවසින් රැගෙන ගියා

• 2014 ජුනි 09 - නීතිඥ අනුර චන්ද්‍රසිරි විසින් ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට රාත්‍රී 9 ට පමණ මුදල් පුරවන ලද ටියුරික් බෑග් 01 ක් රැගෙන ගියා.

• 2014 අගෝ 30 - රවි විෙජ්රත්නගේ ග්‍රෙගරි පාරේ නිවසේදී චීන ජාතිකයන් හමුවී මුදල් පුරවන ලද මිලියන 30, මිලියන 60, මිලියන 15, මිලියන 15, ලෙස පිටතින් සඳහන් කළ කාඩ්බෝඩ් පෙට්ටි 4 ක් ගාමිණී සහ රියැදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනෙවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා

• 2014 ඔක් 21 - රාත්‍රී 11.30 ට රවි විෙජ්රත්නගේ නිවසේදී චීන ජාතිකයන් හමුවී මුදල් පුරවන ලද ඒ-4 බණ්ඩල් අසුරන පෙට්ටි 04 ක් රියැදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනෙවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

• 2014 නොවැ 01 - රාත්‍රී 11.00 ට රවි විෙජ්රත්නගේ නිවසේදී චීන ජාතිකයන් හමුවී මුදල් පුරවන ලද ඒ-4 බණ්ඩල් අසුරන පෙට්ටි 04 ක් සහ මුදල් පිරවූ ලොකු බෑග් 1 ක් රියැදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනෙවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

• 2014 නොවැ 11 - රාත්‍රී 10.00 ට පමණ රවි විජේරත්නගේ නිවසේදී චීන ජාතිකයන් හමුවී මිලියන 60, මිලියන 44, මිලියන 13, මිලියන 12 සටහන් කරන ලද මුදල් පිරවූ පෙට්ටි 04 ක් රියැදුරු අත්තනායක හා ආරක්ෂක තෙන්නකෝන් විසින් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

• 2014 නොවැ.19 - රාත්‍රී 12.30 ට පමණ රවි විෙජ්රත්නගේ නිවසේදී  ඩබ්.පී.කේ.එල්. 1824 කළුපාට ජිප් රථයෙන් පැමිණි චීන ජාතිකයන් හමුවී මිලියන 43, බැගින් සඳහන් කළ පෙට්ටි 04 ක්, මිලියන 11 සඳහන් කළ පෙට්ටි 1 ක්, මිලියන 20 සඳහන් කළ පෙට්ටි 1 ක් රියැදුරු උපාලි හා ආරක්ෂක බණ්ඩාර විසින් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

• 2014 නොවැ.20 - රාත්‍රී 11.30 ට 301-9156 කාර් රථයෙන් ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේ මුදල් බාර බණ්ඩාර විසින් අරලිය ගහ මන්දිරයේ සිට මුදල් පිරවූ ලොකු ට්‍රැවලින් බෑග් 2 ක් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

• 2014 නොවැ.21 - රාත්‍රී 10.00 ට 301-9156 කාර් රථයෙන් ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේ මුදල් බාර බණ්ඩාර විසින් අරලිය ගහ මන්දිරයේ සිට මුදල් පිරවූ ලොකු ට්‍රැවලින් බෑග් 2 ක් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

• 2014 නොවැ.28 - රාත්‍රී 9.30 ට ඩබ්.පී.කේ.එම් 0522 කාර් රථයෙන් චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක් පැමිණ රවි විෙජ්රත්නගේ නිවසේදී කිලෝ 50 ක් පමණ බර මුදල් පුරවන ලද කාඩ්බෝඩ් පෙට්ටියක් ගාමිණී සෙනරත් බාරගෙන නිවසට රැගෙන ගියා.

• 2014 නොවැ 25 -ඉහත සඳහන් කාර්යාලයේ මුදල් බාර බණ්ඩාර විසින් මුදල් පිරවූ ට්‍රැවලින් බෑග් 04 ක් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

• 2014 නොවැ.26 -රවි විජේරත්නගේ නිවසේදී චීන ජාතිකයන් හමුවී මුදල් පුරවන ලද පෙට්ටි 04 ක් ගාමිණී සෙනරත් විසින් ඔහුගේ නිවසට රැගෙන ගියා.

• 2014 දෙසැ 02 - උදේ 11.30 ට පමණ සුනිල් සේදර සෙනරත් විසින් ඔහුගේ රථයෙන් ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට කාඩ්බෝඩ් පෙට්ටි 01 ක සහ ට්‍රැවලින් බෑග් 02 ක මුදල් පුරවා රැගෙන ගියා.

• 2014 දෙසැ. 03 - උදේ 10.30 ට පමණ වොඩ් පෙදෙසේ පදිංචි මූර්ති විසින් ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට ඩබ්.පී.කේ.එන්.9999 රථයෙන් කාඩ්බෝඩ් පෙට්ටියක් පුරවා මුදල් රැගෙන ගියා.

• 2014 දෙසැ. 05 - ඩබ්.පී.කේ.වයි. 1243 රථයෙන් නීතිඥ අනුර චන්ද්‍රසිරි විසින් මුදල් පිරවූ බෑගයක් රැගෙන ගියා.

• 2014 දෙසැ.18 -දහවල් 01.45 ට පමණ සුනිල් සේදර සෙනරත් විසින් ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට කේ.යූ.4766 දරණ රථයෙන් මිලියන 13, මිලියන 16 පෙට්ටි 02 ක් සහ මිලියන 24 ලෙස සඳහන් මුදල් පිරවූ පෙට්ටි 04 ක් ගාමිණී සෙනරත්ගේ නිවසින් රැගෙන ගියා.

• 2014 දෙසැ.19 - රාත්‍රී 08 ට පමණ ගාමිණී සෙනරත්ගේ වාහන අංක කේ.පී.5610 රථයෙන් අරලියගහ මන්දිරයේ සිට ට්‍රැවලින් බෑග් 2 ක මුදල් රැගෙන ගාමිණී සෙනරත් ඔහුගේ නිවසට පැමිණියා

• 2014 දෙසැ.19 - රාත්‍රී 10.00ට රවි විජේරත්නගේ ග්‍රෙගරි පාරේ නිවසේ දී චීන ජාතිකයන් හමුවී ඔවුන් පැමිණි ඩබ්.පී.කේ.එල්. 1824 රථයේ තිබූ මිලියන 200 ලෙස සටහන් කළ පෙට්ටි 07 ක් ගාමිණී සෙනරත් විසින් ඔහුගේ නිවසට රැගෙන ගියා.

• 2014 දෙසැ.19 -රාත්‍රී 10.30 ට නන්දන ලොකුවිතාන විසින් මිලියන 30 ක් හා 20 ක් පුරවන ලද පෙට්ටි 02 ක් සහ ට්‍රැවලින් බෑග් 01 ක් පුරවා මුදල් රැගෙන ගියා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මන්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගේ ඉඩම් හා දේපොල පිලිබඳ විස්තර මෙසේය.

• ගාමිණී සෙනරත්ගේ නැන්දම්මා වන මල්කාන්ති ගුණරත්නගේ නමින් ගාමිණී සෙනරත් විසින් ඉදිකරන ලද නො 47/2 දරණ ග්‍රෙගරි පාරේ පිහිටි කෝටි 100 ක් පමණ වටිනා තෙමහල් නිවස සහ ඊට යාබද කෝටි 30 ක් පමණ වටිනා නිවස
• මරදාන පොලිසිය අසල ඉදිකර ඇති කෝටි 70 ක් පමණ වටිනා තෙමහල් ගොඩනැගිල්ල
• අතුරුගිරියේ අක්කර 05 ක පමණ පිහිටි කෝටි 200 ක් පමණ වටිනා යන්ත්‍ර උපකරණ සහිත කෝටි 500 ක් පමණ වටිනා ෆෝමේට් කර්මාන්ත ශාලාවක් අවුරුදු 3 ක කෙටි කාලයකින් ඉදිකර ඇත.
• මාලාබේ අරංගල පිහිටි අක්කර 05 ක පමණ භූමියක පිහිටි කෝටි 100 ක පමණ යන්ත්‍රෝපකරන වලින් සමන්විත අවුරුද්දක් වැනි කෙටි කාලයකින් වැඩ නිමකළ ෆෝමේට් කර්මාන්ත ශාලාව.
• පන්නිපිටිය පාර බත්තරමුල්ලේ පිහිටි කෝටි 5 ක් පමණ වටිනා ගොඩනැගිල්ල සහ ඉඩම
• පාදුක්ක මීගොඩ කෝටි 20 ක් පමණ වටිනා අක්කර 10 ක පමණ ඉඩම
• බොල්ගොඩ ප්‍රදේශයේද ඉඩමක් ඇත.
• කෝටි 100 ක් පමණ වටිනා හක්මන ඇති විශාල ඉඩම
• හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ කෝටි 20 ක් පමණ වටිනා අක්කර 50 ක ඉඩම
• අනුරාධපුර අක්කර 15 ක පමණ ඉඩම
• බොරැල්ල මාතා පාරේ ලක්ෂ 70 ක් පමණ වටිනා නිවස
• නුවරඑලියේ කෝටි 60 ක් පමණ වටිනා ග්‍රෙගරි වැව පාරේ සුපිරි නිවස සහ ඉඩම

සැලකිය යුතුයි

ඉඩම් පිලිබඳ සියළුම විස්තර නීතිඥ අනුර චන්ද්‍රසිරිගෙන් ලබා ගත හැකිය.
මුදල් සඟවා ඇති ස්ථාන පිළිබඳ විස්තර සුනිල් සේදර සෙනරත්, රවි විෙජ්රත්න, මූර්ති සහ රියැදුරන්, ආරක්ෂක නිලධාරීන් යන අයවළුන්ගෙන් අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්ණ කිරීමෙන් ලබා ගත හැකිය.
ඉහත අතුරුගිරියේ ෆෝමේට් කර්මාන්ත ශාලාව පාඩු පිට කරගෙන යන අතර එහි සේවක වැටුප් ගෙවීමට කළු සල්ලි මුදල් යොදවන අතර ඒ බව වසන් කිරීමට ඩී.එෆ්.සී.සී බැංකුවෙන් වරින් වර ණය මුදල් මල්කාන්ති යන අයගේ නමින් ලබා ගනී.

No comments

Powered by Blogger.