Header Ads

මහ ඇමති ප්‍රසන්නට කෙළින්න රාජිත සෙට් වෙයි

බස්නාහිර පළාත මහ ඇමති ප්‍රසන්න ර‍ණතුංග මහතාව ධුරයෙන් ඉවත් කොට එම තනතුර සදහා අගලවත්ත ප්‍රදේ‍හය නියෝජනය කරන රංජිත් සෝමවංශ පත් කිරීමට රාජිත සේනාරත්නගේ මූලිකත්වයෙන් කුමන්ත්‍ර‍ණයක් ක්‍රියාත්මකව ඇත.
ප්‍රසන්නව මහ ඇමතිධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට බලපෑ ආසන්නතම සිදුවීම වන්නේ මහින්දට ඡන්දය දුන් ලක්ෂ 58ක ජනතාව නියෝජනය කරමින් බස්නාහිර මුල්
පුරවැසියා වශයෙන් පසුගිය 18 වැනිදා නුගේගොඩ පැවැති ඓතිහාසික ජනහමුවට සහභාගීවීමය.
අද මුද්‍රිත මාධ්‍යවල මෙම පුවත පලවීමත් සමගම ප්‍රසන්නට සහාය පලකරමින් විශාල ජනතාවක් ප්‍රසන්නගේ උඩුගම්පොල නිවසට ඒකරාශී වන්නට පටන් ගෙන තිබේ. යහපාලනය මුවාවෙන් තමන්ගේ පුත්‍රයාව දේශපාලනයට ගෙන ඒමට උත්සාහ කරන චන්ද්‍රිකාට ඇති ප්‍රධානතම බාධකය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බහුතරයක් ශ්‍රිලනිප පාක්ෂිකයින් ප්‍රසන්නගේ නයකත්වය විශ්වාස කරගෙන ඔහු සමග රැදී සිටීමවේ. මෙම හේතුව නිසා ප්‍රසන්නව දේශපාලන කරලියෙන් ඉවත්කොට හුදෙකලා කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
මෙම ප්‍රවෘත්තිය මාධ්‍යවල පලවීමත් සමග බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල පවා අගමැති රනිල්ගේ පුද්ගලික ලේකම් සුදත් චන්ද්‍රෙස්කර අමතා ප්‍රකා‍ශ කර ඇත්තේ කිසිදු දූෂණ චෝදනාවක් නොමැති ප්‍රසන්න වැනි පුද්ගලයකු කුමන්ත්‍රණයක් මගින් ඉවත් කරන්නට කටයුතු කරන්නේ නම් කාලෝචිත නොවන බවයි. එහිද වැඩිදුරටත් අදහස් පලකොට ඇති අරංගල මහතා ප්‍රසන්න තමන්ගේ දූරය දරන කාලසීමාව තුල කිසිදු අවස්ථිවකදී සේවය ලබා ගැනීමට පැමිණි ජනතාවගේ දේශපාලන පක්ෂය සැලකිල්ලට නොගත් බවයි.

No comments

Powered by Blogger.