Header Ads

විමල්ගේ ගෝලයාට හම්‍බන්තොටදී විරෝධය

ප්‍රාදේශීය දේශපාලන බලය යොදාගනිමින් අඟුනකොළ පැලැස්ස ප්‍රාතමික විද්‍යාලයේ විදුහල්පතිවරයාව එම විද්‍යාලයෙන් ඉවත් කිරීම සඳහා තැත් දැරූ හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතාගේ හමුබන්තොට සංවිධායකවරයෙකුට එරෙහිව අද (13) දහවල් එම ප්‍රාතමික විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් විරෝධතාවයක් පවත්වා තිබේ.

ධර්මසේන කොඩිතුවක්කු නම් එම සංවිධායක වරයා සිය දරුවා එම පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර
ගැනීම සඳහා පාසලේ විදහල්පතිවරයාද දැඩි සේ බල පෑම් එල්ල කර ඇත. ඔහු ගියවසරේදීද මෙලෙසම වෙනත් දරුවෙකුද මෙම පාසලට ඇතුළත් කරගැනීම සඳහා දේශපාලන බලය යොදාගනිමින් මෙම විදුහල් පතිවරයාට බලපෑම් කර තිබේ. කොඩිතුවක්කු නැමැත්තාගේ දරුවා පාසල් පෝෂක ප්‍රදේශයෙන් පිට ජීවත්වන දරුවකු බැවින් විදහල්පතිවරයා මෙවරද එයට විරෝධය පළ කර තිබේ.

පසුව කොඩිතුවක්කු නැමැත්තා විමල් වීරවංස මහතාගේම සංවිධායකයෙකු මෙන්ම මහජන නියෝජිතයෙකුද වන සුජිත් මුතුකුමාරණ නැමැත්තාට මේ බව දන්වා තිබේ. ඔහුද විදුහල්පතිවරයාට කතා කර මෙම ළමයා පාසලට ගන්නා ලෙස බලපෑම් කර ති‍‍‍බේ. එහිදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ මෙම දරුවා ගැනීම තමන්ගේ රැකියාව පවා අහිමිවන්නක් විය හැකි බැවින් වහාම අධ්‍යාපන පළාත් කාර්යාල හා කළාප කාර්යාල මගින් ඊට අවසර ලබාගෙන දරුවා රැගෙන එන ලෙසයි.

කෙසේන මුත් පසුව තමන්ට රැකියාව කරගෙනයාමට නොහැකි වන පරිදි දිගින් දිගටම පැවති ආණ්ඩුව සමයේත් වත්මන් ආණ්ඩුව සමයේත් තමන්ට දේශපාලන බලපෑම් එල්ල කිරීම නිසා ඔහු වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලබා ගැනීමට කටයුතු කර තිබේ.

මෙය දැනගත් දෙමවුපියන් පාසල ඉදිරිපිටට රැස්වී විමල් වීරවංස මහතාගේ සංවිධායකවරයාට එරෙහිව විරෝධය දක්වා ඇති අතර පොලීසිය පැමින විදුහල් පතිවරයාත් අදාල සංවිධායකවරයාත් පොලීසියට ගෙන්වා මින් ඉදිරියට විදුහල්පතිවරයාට බලපෑමක් නොකරන බවට පො‍රොන්දුවක් ලබාගෙන සිද්ධිය සමතයකට පත් කර තිබේ.

මෙම දේශපාලන බලපෑමට සම්බන්ධ වූ සුජිත් මුතුකුමාරණ නැමති ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා මේ වනවිට එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වී සිටී.

No comments

Powered by Blogger.