Header Ads

බොදුබල සේනා ක්‍රියාකාරීන් ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපස හිස මුඩු කර ගනී (වීඩියෝ)

වර්තමාන රජය යටතේ මෙරට නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ මහතා සහ එම සංවිධානයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් අද මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස පිවිසුම් වාහල්කඩ ඉදිරිපසදී තම හිස මුඩු කොට විරෝධය දැක්වුහ.

අද දින පස්වරුවේ ශ්‍රී දළඳා මාළිගාවේ වාහල්කඩ ඉදිරිපිටට එක් වූ බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරීහු රැසක් මෙන්ම නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමට එරෙහිව මහජන අත්සන් විසිපන්ලක්ෂයක් ලබා ගැනීමේ ව්හියපරයක් ආරම්භ කළ අතර ඥානසාර හිමියන්ගේ මෑණියන් වූ ඩබ්ලිව්.ඩි ගුණවතී මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් පල කළ එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ මහතා පවසා සිටියේ මෙරට නීතිය සාධාරණය නොවන බවට හොදම උදාහරණය ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීම බවත් මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එක ආකාරයකින් හා ඥානසාර හිමියන්ට තවත් ආකාරයකින් නීතිය ක්‍රියාත්මක වීම බවත් ඊට විරෝධය පා තමන් ඇතුළු තරුණයන් දහස් සන්ක්යාවක් හිස මුඩු කරන බවත් ඉදිරි නිදහස් දිනය දා වර්ජනය නිරත වන බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා
.




No comments

Powered by Blogger.