Header Ads

රාජිත සේනාරත්න අල්ලස් කොමිසමට පොලු තියයි

යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබලම ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න මහතා දහවන වතාවටත් අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් කළ කැඳවීම් අනුව එම කොමිසම හමුවේ පෙනී සිටීම මගහැර තිබේ.
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මගින් අදාළ කැඳවීම කර ඇත්තේ මොහු පසුගිය රජයේ ඇමැති ධුරයක් දරද්දී සිදු කළ බව කියන කටයුතු සම්බන්ධයෙන්  සිදුවන පරීක්ෂණයකට අදාළවය.
මාස ගණනාවක් තිස්සේ වරින් වර මෙසේ කැඳවීම් කර ඇතත් ඒ සෑම අවස්ථාවකදීම රටේ ප‍්‍රබලම පුද්ගලයකු සමග උත්සවයක් හෝ සාකච්ඡාවක් ඇති බව කියමින් රාජිත ඇමැතිවරයා එම කැඳවීම කල් දමාගෙන තිබේ.
ඇමැතිවරයාගේ ප‍්‍රබලත්වය නිසා ඔහුට එරෙහිව පියවරක් ගත නොහැකිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව අල්ලස් කොමිසමේ නිලධාරීහු පවසති.

No comments

Powered by Blogger.