Header Ads

ජාතිවාදීන් යයි හංවඩු ගහන්න කලින් ‘ජාතිවාදය’ අර්ථ නිරූපනයක් ඕනෑ.. – අගමැතිට සංදේශයක්..

විරුද්ද මතධාරීන් ජාතිවාදීන් හා ආගම්වාදීන් ලෙෂ නම් කරන්නට පෙර ජාතිවාදය හා ආගම්වාදය යනු කුමක්දැයි නිවැරදිව අර්ථ නිරූපණය කරන ලෙසත් එහි සීමා නිශ්චිතව නම් කරන ලෙසත් රත්මලාන ධර්ම පර්යේෂණාල අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිති.
අගමැතිවරයාට විවෘත සංදේශයක් වයමින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ නිතරම ජාතිවාදය හා ආගම්වාදය ගැන අගමැතිවරයා පවසන නිසා එහි නිවැරදි අර්ථ නිරූපණයක් අවශ්‍ය බවයි.
මේ සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති නිසා ඉදිරියේදී භික්ෂූන් වහන්සේලාට බඛ දේශනාවක් කිරීමට පවා පොලිසියේ අවසරය ලබා ගැනීමට සිදුවනු ඇතැයි සැක සිතෙන බවද එම සංදේශයේ දැක්වෙයි.

No comments

Powered by Blogger.