Header Ads

ඇඹිලිපිටියේ තරුණයාගේ මරණයට සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න අත් අඩංගුවට: බිරිඳ කෝටියක වන්දි ඉල්ලා අධිකරණයට

ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනිණි. ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිසියට ඔහුට දන්වා තිබූ අතර ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු අත් අඩංගුවට ගැණින. අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරී වරයා හෙට බදාදා (3) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන පොලිසිය හා ගැටුමේදී සහකාර පොලිස් අධිකාරී වරයා විසින් උඩුමහලින් තල්ලු කළ බවට ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳගේ සාක්කියට අමතරව ඇසින් දුටු තවත් සාක්කියක් තිබෙන බවත් ඒ අනුව සහකාර පොලිස් අධිකාරී වරයා අත් අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. සිද්ධියට වගකිව යුතු සහකාර පොලිස් අධිකාරී සුමිත් ප්‍රසන්න අත් අඩංගුවට ගන්නැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා විසින්ද පොලිසියට නියෝග කර තිබිණ.

මේ අතර මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ රුපියල් කෝටියක වන්දි ඉල්ලා අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළාය. එමගින් නීතිපතිවරයා පොලිස්පතිවරයා ඇතුළු 9 දෙනෙකු වග උත්තර කරුවන් ලෙස නම් කර තිබේ. සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන්ද වධ හිංසා පනත යටතේ අත් අඩංගුවට ගන්නැයි එමගින් ඉල්ලා තිබේ.

මෙම පරීක්ෂණයද සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහතා යටතේ ය.

No comments

Powered by Blogger.