Header Ads

‘‘කාටහරි කිව්වොත් ඇට කටු කුඩු කරනවා කිව්වා“ තවත් පොලිස් පහරදීමකින් පුද්ගලයෙකු රෝහලේ -

‘‘උඹ එනකං තමයි හිටියෙ කියලා කම්මුලට ගහලා“

‘‘ටී ෂර්ට් එකත් ගලවලා පිටට බැටන් පොල්ලෙන් ගහලා“

සොරකමක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීමට කැඳවූ පුද්ගලයෙකුට පොලිසිය පහර දුන් බවට පැවසෙන පුවතක් කලුතර බදුරලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.


මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරෙක්. බදුරලිය ප්‍රදේශයේ නිවසක පසුගිය මස  21 වැනිදා සොරකමක් සිදුව ඇති අතර අදාළ පුද්ගලයා සමග කුලී ගමනක් ගිය නිවැසි කාන්තාව එහි පැමිණ ඇත්තේ සිද්ධිය වන අවස්ථාවේයි.

එහිදි ත්‍රිරෝද රථ රියදුරා කිසියම් පුද්ගලයෙකු නිවසේ සිට පලා යන ආකාරය දැක තිබෙනවා.

එම සිද්ධියෙන් අනතුරුව පසුගිය 4 වැනිදා අදාළ සොරකම සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථ රියදුරු වාද්දුව පොලිසිය විසින් කැඳවූ බවයි ඔහුගේ බිරිඳ සඳහන් කළේ.

ත්‍රිරෝද රථ රියදුරු වන සුමිත් සම්පත් ප්‍රකාශ කළේ පොලිසිය තමන්ට තවත් පුද්ගලයෙකු ඡායාරූපයක් පෙන්වා ඔහුව හඳුනා ගන්නා ලෙස බල කරමින් තමන්ට පහර දුන් බවයි.

පොලිසියේ පහරකෑමට ලක්වීමෙන් තුවාල ලැබූ සුමිත්  සම්පත් බදුරලිය ප්‍රා දේශීය රෝහලට ඇතළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ නාගොඩ මහ රෝහලටයි.

කෙසේ වෙතත් පොලිස් මධ්‍ය කාර්යාලයෙන් මේ පිළිබඳව අප විමසුවද ඔවුන් සඳහන් කළේ මේ පිළිබඳව තමන් දැනුවත් නොමැති බවයි.

No comments

Powered by Blogger.