Header Ads

සාගල - මලික් හාදකම වෙනුවෙන් රටේ සල්ලි කාබාසිනියා කරයි

යහපාලන ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්ති අතර දැඩි ලෙස විවේදනය කළ කරුණක් වුයේ විදේශ සංචාරයන්හිදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මහජන මුදල් නාස්ති කිරීමයි. එහෙත් පසුගිය කාලයේ වාර්තා වූ සිදුවීමකින් මෙම ආණ්ඩුවද එය නොපිරිහෙලා සිදුකරමින් සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින් තහවුරු කර සිටී.

මේ සදහා මූලික වි ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහම වීම මෙහි ඇති විශේෂත්වයයයි. ඒ අනුව මේ මහජන මුදල් නාස්තිය සිදුවන්නේ රනිල් වික්‍රමසිංහගේ කිට්ටුවන්තමයන් දෙදෙනෙකුට රට සවාරියක් ලබාදීම විසිනි.
රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් අතර මූලිකත්වයක් සාගල රත්නායක ඇමතිවරයාට හිමි වන අතර අනෙක් තැනැත්තා වන්නේ මලික් සමරවික්‍රමයන්ටය.
මොවුන් දෙදෙනා පසුගිය කාලයේ යම් හිත් අමනාපයකින් පසුවූ අතර මොවුන් සමගි කිරීම සදහා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් යොදාගත් උපක්‍රමයක් වූයේ ඔවුන් චින ව්‍යාපෘති සදහා එරට මහජන නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වා වාර්තාවක් සකස් කරන ලෙසයි. එහෙත් එකි දිනයන්හි චීනයේ අවුරුදු සැනකෙලි කාල පරිච්චේදයක් වීම හේතුවෙන් මහජන කටයුතු සියල්ල අත්හිටුවා තිබිණි.
චීනයේ සාමාන්‍ය ජාතික අවුරුදු උත්සවයේදී මෙය සිදුවන අතර මෙකී කාලයේදී මොවුන් කෙසේ අදාළ ව්‍යාපෘති සකස් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් කිසිවෙකු විසින් ප්‍රහ්න කොට නැත.
කෙසේ නමුත් මලිත් හා සාගල චීනයේ සුපිරි හෝටලයක එක් කාමරයක ලැගුම් ගෙන ඇති අතර අදාළ ව්‍යාපෘති වාර්තාව සකස් නොකොට පෙරළා දිවයින පැමිණ ඇත.
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ විසින් යාලුවන් හාද කිරීම සදහා ව්‍යාපෘති සකස් කිරීම නැමැති කැරට් අලය පෙන්වා විශාල මහජන ධනස්කන්ධයක් රටට අහිමි කොට ඇත.
මෙය යහපාලනයේ විදෙස් සංචාරයන්හි පිලිබිඹුවක්ද යන්න ජනතාවට ඇති ගැටලුවයි.

pawura.com

No comments

Powered by Blogger.