Header Ads

රාජිතගේ රෝගී තත්වය සාමාන්‍යයක්

සෞඛ්‍ය අමාත්‍ය රාජික සේනාරත්නට හෘදයාබාධයක් ඇතිවී ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවත් ඔහු මේ වන විටත් ලංකාවේ රැදී සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සදහන් කොට සිටිනවා.

ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටිනේ ඇමැතිවරයාගේ වාර්ෂික වෛද්‍ය පරීක්ෂාව සදහා ලංකා හොස්පිටල් වෙත යෑමෙන් අනතුරුව ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු පවසා ඇත්තේ නහරයක සුළු දෝෂයක් හටගෙන ඇති බවත් එය සුව කළ හැකි සාමාන්‍ය තත්වයක් බවත්ය.

කෙසේ නමුත් අදාළ පරීක්ෂාව සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා දැනුවත් වීමෙන් පසු ඔවුන් විසින් රාජිත සේනාරත්න ඇමැතිවරයාට පවසා ඇත්තේ සිංගප්පූරු ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.

එබැවින් ඉන්දියාවේ පවතින සමුළුවකට සහභාගී වීම සදහා යන අතරතුර සිංගප්පූරුවට ගොස් ප්‍රතිකාර ලබාගැනීමට පවුලේ පිරිස් බලකිරීම හේතුවෙන් ඒ සදහා හෙට (19)දිනයේදී එහි යාමට බලාපොරොත්තු වන බවත් නිපුන ඒකනායක වැඩිදුරටත් සදහන් කොට සිටියේය.
මේ සම්බන්ධයෙන් වෙනත් පාර්ශවයන් විසින් මේ වනවිට ඔහුට හෘදයාබාධයක් ඇති වී ඇති බවට ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

No comments

Powered by Blogger.