Header Ads

‘අද මට වෙලා තියන දේ හැම පොලිස්කාරයෙකුටම ආදර්ශයක්’ - අනුර සේනානායක

‘පැන්ෂන් ගිය පොලිස්කාරයො හරියට ලෙල්ල ඇරපු කෙහෙල් ගෙඩි වගේ, හැමඑකාම කොටනවා. ඉස්සර මගේ වටේ ගුඞ් මෝනිං සර්, ගුඩ ආෆ්ටනූන් සර්, ගුඞ් ඊවිනින් සර්, ගුඞ් නයිට් සර් ගාගෙන හිටපු, මම වැසිකිලි ගියාම දොර ලග හිටන් හිටපු එකෙක් නෑ දැන්. අඩුගානෙ උන් දැන් මාත් එක්ක කතා කරන්නවත් බයයි’ යනුවෙන් විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ප‍්‍රකාශ කර තිබේ.
අනුර සේනානායක මහතා මෙම ප‍්‍රකාශය සිදුකර ඇත්තේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමට ගතයුතු නීතිමය ක‍්‍රියාමාර්ග සාකච්ඡුා කිරීම සඳහා දිවයිනේ සුප‍්‍රකට නීතිඥයෙකු හමුවු අවස්ථාවකදීය.

‘මම අයිජී (පොලිස්පති) වෙයි කියල තමයි හැමෝම බලන් හිටියේ. යහපාලන රජය ආවෙ නැත්නම් අනිවාර්යෙන්ම මට අයිජී වෙන්න තිබුණා. මම ඒ පෝස්ට් එක බලාගෙන, හිටපු අයව පිනවන්න ගොඩක් වැඩ කළා. අද මට වෙලා තියන දේ  ඕනම පොලිස්කාරයෙකුට හොඳ ආදර්ශයක්. කෙලඋනාම අපිට අපි විතරයි ඉන්නෙ. හරිවැඬේ කරා නං බයවෙන්න  ඕන්නෑ.’ යනුවෙන් අනුර සේනානායක මහතා තවදුරටත් පවසා ඇති අතර ඔහු උපදෙස් පැතූ  නීතිඥවරයාගේ උපදෙස වී ඇත්තේ අපරාධ නඩුවිධාන සංග‍්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහේස්ත‍්‍රාත්වරයා හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කොට රජයේ සාක්ෂිකරුවෙකු වන ලෙසයි.

No comments

Powered by Blogger.