Header Ads

ලෙඩ්ඩුන්ගෙන් කප්පම් ඉල්ලන ලංකාවේ කාලකන්නි දොස්තර බුවා...

මොනරාගල බඩල්කුඹුරේ ජිවත් වන ඉන්දික එයාගේ තාත්තව මහනුවර මහ රෝහලට ඇතුලත් කරලා තියෙන්නේ පසුගිය පෙබරවාරි 6 වැනිදා. ඒ අසාධ්‍ය තත්වයේ හිටපු එයාගේ තාත්තව ඇතුලත් කළාට පස්සේ වාට්ටුව භාර වෛද්‍යවරයා ඉන්දිකගෙන් අහපු දේ එය අපට කිවුවා. ඊට පස්සේ වෛද්‍යවරයා තමන්ගේ අවශ්‍යතාවය කියපු හැටි ඉන්දික පටිගත කරලා. වෛද්‍යවරයා නම් කළ සුපිරි වෙලන්දසලකට රුපියල් 65,000 ක ගෙවීමක් කරලා රිසිට් එක අරන් එන්න කියලා මේ වෛද්‍යවරයා ඉන්දිකට කියලා. මේ කරන ගෙවීම් වාට්ටුවේ වැඩකට කිව්වත් එක එහෙම නෙවෙයි කියලා හොඳට තේරෙන්නේ වෛදවරයා කරන මේ බලකිරීමෙන්.
වෛද්‍යවරයාගේ මේ කතා නිසා තමන් වංචාවකට අහුවෙන්න යනවා කියලා ඉන්දිකට තේරුනා. මහනුවර මහා රෝහලට එන රෝගීන් විශාල ගණනකගේ මේ වෛද්‍යවරයා මේ වෙනකොටත් සල්ලි අරගෙන තියනවා වෙන්න පුළුවන්. එකේ බරපතලම කරනවා තමයි අපි දැන් ඔබට කියන්නේ යන්නේ.
රෝගය සුව වුනු තාත්තව ටිකට් කපලා ගෙදර අරන් යන්න අහද්දී නුවර රජයේ රෝහලේ වෛද්‍යවර දීපු උත්තරේ තමයි මේ.

No comments

Powered by Blogger.