Header Ads

සන්ධාන මහ ලෙකම්ට හූ පොලිමක්....

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතාට ඊයේ දිනයේදීද ගාල්ල බද්දේගම නගර ශාලාවේදී පැවති ශ‍්‍රීලනිප හමුවකදී හූ කියා පන්නා දමනු ලැබීය.
මහ ලේකම්වරයාට එකදු වචනයක් හෝ කතා කරන්නට ඉඩ නොදුන් පාක්‍ෂිකයෝ ඔහුට එලව එලවා හූ තැබූහ.
හූ හඬ මැදම ඇමතිවරයා හනිකට වේදිකාවෙන් බැස යන්නට ගියද හූ තැබීම නතර වූයේ නැත.
මේ අතර ඊයේ දිනයේදීම තවත් ස්ථාන කිහිපයකදීම ශ‍්‍රිලනිප පාක්‍ෂික හමුවලදී සන්ධානයේ හිටපු මහ ලෙකම් ඇතුළු මෛත‍්‍රී පිලේ ප‍්‍රබලයින් කිහිප දෙනෙකුටම හූ තැබීම්වලට හසු වූහ.
එක් රැස්වීමකදී පාක්‍ෂිකයෝ කියා සිටියේ මෛත‍්‍රී ජනාධිපති වූයේ එජාප ඡුන්දෙයන් නිසා ඔහු ශ‍්‍රීලනිපයෙන් ඉවත් විය යුතු බවයි.

No comments

Powered by Blogger.