Header Ads

චම්පිකට එරෙහිව පොලිසියට යති

රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සදීම් සම්පත්ව අනතුරට ලක් කළ වාහනය පැදවූ රියැදුරු බස්නාහිර සහ මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව ප්‍රකාශ කරමින් සිද්ධිය ඇසින් දුටු ගයාෂාන් විනුර සහ මොහොමඩ් සුෆයි යන දෙදෙනා පොලිස්පතිවරයාට පසුගිය සිකුරාදා (04දා) දිවුරුම් ප්‍රකාශ දෙකක් භාර දුන්හ.


අනතුර සිදු වූ අවස්ථාව සහ එහිදී වාහනය පැදවූ රියැදුරා කටයුතු කළ ආකාරයත් ඉන් අනතුරුව වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ල සටහන් කරගත් ආකාරයත් ගැන එම දිවුරුම් ප්‍රකාශ දෙක මඟින් පොලිස්පතිවරයාට කරුණු පැහැදිලි කරදී ඇත.


මෙම අනතුර සිදු වූ ආකාරයත් එය සිදුකළ වාහනයේ රියැදුරු ඇමැති චම්පික රණවක මහතා බවත්, වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ල සටහන් කර ගත්තේ කුඩා පොතක බවත්, පැමිණිල්ල ලියාගත් නිලධාරියා දුටුවොත් හඳුනාගත හැකි බවත් එම දිවුරුම් ප්‍රකාශ මඟින් ප්‍රකාශ කරන ගයාෂාන් විනුර සහ මොහොමඩ් සුෆයි යන දෙදෙනා එදින සටහන් කරගත් පැමිණිල්ල අස්සන් තැබීමට පෙර පැමිණිල්ල ලියාගත් නිලධාරියා විසින් කියවා තේරුම් කර නොදුන් බවත් ඔහු පෙන්වූ ස්ථානයේ තමන්ට අස්සන් කිරීමට සිදු වූ බවත් එම දිවුරුම් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

No comments

Powered by Blogger.