Header Ads

රථය පැදවූවේ කවුදැයි සොයන්න රාජගිරියේ සී සී ටී වී දර්ශන පිරික්‌සයි

වැලිකඩ රාජගිරිය ප්‍රදේශයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැදවූ බව කියන රථයේ ගැටී තරුණයකු බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අනතුර සිදු වූ ඉකුත් 28 දා රාත්‍රි ප්‍රදේශයේ මාර්ගය දෙපස රාජ්‍ය ආයතන, නිවෙස්‌වල හා වෙළෙඳසල්වල සවිකර තිබෙන ආරක්‍ෂිත කැමරාවල (සී. සී. ටී. වී.) දර්ශන පරීක්‍ෂා කිරීම ආරම්භ කළ බව වැලිකඩ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රථය පැදවූයේද? නොමැති නම් අමාත්‍යවරයාගේ රියෑදුරු පැදවූයේද යන්න අනාවරණය කර ගැනීමට මෙම ආරක්‍ෂිත කැමරා දර්ශන පරීක්‍ෂා කරන බව ද හෙතෙම කීය.

මෙම අනතුර සිදුවන අවස්‌ථාවේ රථය පැදවූයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බවට තුවාල ලැබූ තරුණයාගේ මිතුරන් ලබාදෙන ප්‍රකාශ සත්‍ය ද යන්න මෙමගින් හෙළිවනු ඇතැයි ද හෙතෙම කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක්‌ සිදුකර එම වාර්තා තමන්ට ඉදිරිපත් කරන ලෙස පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී තිබේ.

මේ අතර පසුගිය 28 වැනිදා සිදු වූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ සන්දීප් සම්පත් (24) තරුණයා සිහිසුන්ව ස්‌නායු දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.

No comments

Powered by Blogger.