Header Ads

ඩිජිටල් ගැහිල්ලකට කර අදී …අඩු මිලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම කියා අමුතු ගැහිල්ලක්...

අඩු මිලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා යැයි පවසමින් ක්‍රියාත්මක ගූගල් ලූන් ව්‍යාපෘතිය පිළිබඳව තව ත් ආනාවරණයක්
*නව තාක්ෂණ ව්‍යාපෘති මුවාවෙන් සම්ප්‍රේෂණ පහසුකම් විදෙස් සමාගම්වලට ලබාදීමේ උත්සාහයට සන්නිවේදන විශේෂඥයින්ගෙන් විරෝධය
*අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතිය පිටුපස සිටින මුහුන්දන් කනගෙයිට මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභය කුමක් ද?

රටම ආවරණය වන ලෙස නොමිලේ වයි -ෆයි කලාප ඇති කරන බව පවසමින් සිදු කල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් මතුව ඇති බව දුෂණ විරෝධි හඩ සංවිධානය ප්‍රකාශ කරනවා .එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ කියා සිටියේ , ව්‍යාපෘතියට ඉදිරිපත්වී ඇති රාමා ආයතනය සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් මතුව ඇති බවයි.
පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයේදී රටේම වයි -ෆයි කලාප ඇති කරන බව පවසමින් ගූගල් බැලුනයක් ගුවන් ගත කල නමුත් එය 2016 පෙබරවාරි 17 වනදා , ගම්පොළ  ප්‍රදේශයට කඩා වැටුණා. ශ්‍රි ලංකා සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ හෙවත් ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි මොහාන්දන් කනගේ මැදිහත්වී ඒ බැලුනය ගුවන් ගත කරනු ලැබුවා.
ගූගල් බැලුන 13 ක් ගුවන් ගත කර වයි -ෆයි කලාප දස දහසක් ඇති කිරීමට 2015 දී ජුලි  29 වනදා ගූගල් ලූන් හා ගිවිසුමක්ද අත්සන් කරන ලදී.අදාළ ගිවිසුම ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි මොහාන්දන් කනගේ සහ ගූගල් සමාගමේ උප සභාපතිවරයා අත්සන් කරන ලදී.
නමුත් අදාළ ව්‍යාපෘතිය අසාර්ථක වීමෙන් පසු 2015 අප්‍රේල් 08 වනදා රාමා නමැති ආයතනය යටතේ මේ ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කරන බව කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය වූවා . අදාළ ආයතනයද ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි මොහාන්දන් කනගේට අයත් ආයතනයක් වුවද ඒ සම්බන්ධයෙන් සැක සහිත තැන් කිහිපයක් පිළිබදවම තොරතුරු අනාවරණය වන බවයි

 

No comments

Powered by Blogger.