Header Ads

කුලීයට ගත් නිවසක නවක වදය දුන්: සැකකරුවන් රිමාන්ඩ්

නවක වදය විශ්වවිද්‍යාලවලින් තුරන් කිරීම සඳහා තමන් සමග අත්වැල් බැඳගන්නා ලෙස සියළු සිසුන්ගෙන් ඉල්ලා සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක පවසයි.
පේරාදෙණියට ආසන්නයේ ගම්මානයක කුලී නිවසක පවත්වාගෙන ගිය නවක වදය ලබාදෙන ස්ථානයක් වටලා වධහිංසාවලට ලක්වෙමින් සිටි සිසුන් අටදෙනෙකු මුදා ගැනීමේ මෙහෙයුමකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් උපකුලපතිවරයා මේ ඉල්ලීම කළේය.
නවක වදය: නැගෙනහිර වෛද්‍ය පීඨයේ පන්ති තහනමක්
නවක වදය නතර කළේ ඇදුරන්ද? අන්තරයද?
හිරේ දාල නවක වදය නවත්වන්න බැහැ -අන්තරය
නවක වදය: 'වගකීම විශ්ව විද්‍යාල පද්ධතිය භාර ගතයුතුයි'
කිසිදු සරසවියක නවක වධයක් නැහැ-අ.වි.ශි.බ.මණ්ඩලය
මෙම ස්ථානයේ සිටි දෙවන වසරේ සිසුන් පහළොස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු දෙවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණ.
වද හිංසාවලට ලක්වූ සිසුන් අට දෙනා මේ වන විට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

No comments

Powered by Blogger.