Header Ads

තරුණියට ළමයෙක් දෙන්න කපුවා කියපු අමුතු මන්තරේ


කලූකුමාර දිෂ්ඨිය අයින් කලොත් ඔයාට අම්මා කෙනෙක් වෙන්න පුඵවන්. ඒකට අපි පූජාවක් කරමු. කපුවා අමරා දිහා අමුතු විදියට බලමින් කිව්වා. ළමයෙක් ලැබෙනවා නම් ඕන දෙයක්. අමරාට හිතුනේ එහෙම. ඇඟේ ඉන්න කලූකුමාරයා ගිහින් කුසට දරුවෙක් ආවොත් වාසනාවක්. අමරයි එයාගේ සැමියයි කපුවා කියපු පුජාවට ලෑස්ති වුනා. හොදට නාලා ලස්සනට ඇදලා තෙල් මල් එහෙම අරගෙන හවසට එන්න. කපුවා අමරාට කිව්වා. අමරා සැමියත් එක්ක පස්සේ දවසක කපුවා කියපු දේවාලෙට ගියා.
කපුවත් නාලා පිරිසිදු වෙලා හිටියා. කපුවාගේ ලගින් ආවේ ඕඩිකොලෝන් සුවදක්. මහත්තයාට එලියෙන් ඉන්න කියන්න. අපි පූජාව කරමු. කපුවා අමරාවත් අරගෙන දේවාලේ ඇතුලට ගියා. ඔන්න පුජාව පටන් ගත්තා. මුලින්ම අමරාගේ පපුවේ තෙල් ගාන්න පටන් ගත්තු කපුවා ඒ තෙල් ගෑම පාදාන්තයෙන් ඉවර
කරන්න යනවා කියලා ටික වෙලාවක් යද්දී අමරාට දැනුණා. අමරාගේ විරුද්ධත්වය මැද තෙල් ගෑම නතර වුණා. අමරා වහාම සැමියත් එක්ක ගියේ බිංගිරිය පොලිසියට.
මේ කපුවා ඔහොමලු. කරන්නේ මනමාල වැඩලූ. නාගොල්ලාගොඩ ප‍්‍රදේශයේ දේවාලයක තමයි මේ සිද්ධිය වුනේ. කොහොමහරි 34 හැවිරිදි අමරාට අතවර කරන්න ගියාට දේවාලේ කපුවා නම් දැන් අත්අඩංගුවේ. දේවාලෙන් පලා ගියපු කපුවා පස්සේ දවසේ බිංගිරිය පොලිසියට ඇවිල්ලා භාර වුනා කියලයි වැඩිදුරටත් කියවෙන්නේ.

No comments

Powered by Blogger.