Header Ads

ජනපති නිල නිවසට අනවසරයෙන් ඇතුළුවෙන්න ගිහින් අයෙක් මාට්ටු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ කළ පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන 9.30ට පමණ එම පුද්ගලයා ජනපති නිල නිවසට ඇතුළුවීමට උත්සහා දරා ඇත්තේ තමන්ට රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය බව පවසමින් බව වාර්තා වෙයි.

ධනුක විශ්වජිත් නමැති සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ 2011 වසරේ සිර 2016 වසර දක්වා කාලය තුළ තමන් කෝට්ටේ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු කුරුඳුවත්ත පොලීසියට භාර දී ඇති බව සඳහන්ය.

 

No comments

Powered by Blogger.