Header Ads

සඳහිරු සෑයේ රන් පිළිම ගැන කියන්නට FCID ගිය ගෝටාභය කියු කතාව...

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැදවා තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.

අනුරාධපුර සඳ හිරු සෑයේ ඉදිකිරීම්වලදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එහි ගොස් ඇති අතර පෙරවරු 9.30 සිට රාජපක්ෂ මහතා එහි රැඳී සිටී.

චෛත්‍යය ඉදිකිරීම් සහ එහි තැන්පත් කිරීම් සම්බන්ධව සොයා බැලීමට පත් කළ මහානායක හිමිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්‌ විසින් රන්මුවා බුදු පිළිම වහන්සේ නමක්‌ සහ රනින් නිමවන ලද බෝ ගසක්‌ ද ධාතූන් වහන්සේලාට අමතරව එහි නිධන් කළ යුතු බවට හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට උපදෙස්‌ දී තිබිණි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත එම රන්මුවා බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදී ඇත.

නාවික හමුදාව විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙත කළ ලිඛිත ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කළ රන් සංචිත මගින් ඊට අවශ්‍ය රන් ලබා ගෙන තිබේ.

මෙසේ රේගුවෙන් රන් ලබා ගැනීම පිළිබඳව ප්‍රකාශයක්‌ ලබා ගැනීමට අද දින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට කැඳවා ඇත.

 

No comments

Powered by Blogger.