Header Ads

කාර් 160 ක් පාර්ක් කළ හැකි මුම්බායි ඉන්දියන්ස් පිලේ අයිතිකරු මුඛේෂ් අම්බානිගේ සුපිරි මාලිගාව මෙන්න - Video

ඉන්දියාවේ සිටින ලොකුම ධනවතා වන මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ අයිතිකරු තමයි මුඛේෂ් අම්බානි කියන්නේ.

ඔහු තමන්ගේ සුපිරි නිවස ඉදිකරලා තියෙන්නෙ දකුණු මුම්බායේ. එහි වටිනාකම ඉන්දියන් රුපියල් කෝටි 12,000 කට අධිකයි.

අම්බානිගේ මේ සුපිරි නිවස 2017 දි ඉන්දියාවේ වැඩිම වියදමක් දරා තැනූ නිවස ලෙසයි හැඳින්වෙන්නේ.


එහි ඉහල මහලේ හෙලිකෝප්ටර් 3 ක් නැවැත්විමේ හැකියාව ඇති අතර මෝටර් රථ ඉහළ මහල වෙත ගෙන යාමට වෙනම විදුලි සෝපාන නමයක්ද ඉදිකර තිබෙනවා.

අම්බානි දැනට ඉන්දියාවේ සුපිරි ධනවතුන් අතර පෙරමුණේ පසුවනවා. එමෙන්ම එහි දෙවැනි තැන හිමි කර ගන්නේ ඔහුගේම සහෝදරයා වු අනිල් අම්බානි.



No comments

Powered by Blogger.