Header Ads

පෙම් ආරවුලක් නිසා තරුණයෙක් උස්සපු 5ක් පොලිස් දැලේ

පසුගියදා(24) දහවල් 12ට පමණ කැලණිය නගරයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් පුද්ගලයෙකු පැහැරගෙන ගියේ යයි ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම සිදුවීමට අදාළව සැකකරුවන් 5ක් සමඟ පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාද සොයාගෙන ඇතැයි වාර්තා වේ.

එහිදී මෙම පුද්ගල පැහැරගැනීම සඳහා යොදාගත් බව පැවසෙන ත්‍රිරෝද රථයද පොලිසිය බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවටපත් අදාළ සැකකරුවන්ගෙන් දෙදෙනෙකු කන්තාවන් වන බවයි පොලිස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අදාළ සැකකරුවන් හා සැකකාරියන් වයස අවුරුදු 18, 20, 26, 22, 25 යන වයස් වල පසුවන පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් අද(25) දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිසිය විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්දතාවක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවයි.

කැලණිය පොලිසිය විසින් මේ පිලිබඳ වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

No comments

Powered by Blogger.