‘සමයං’ ඇතුළු 7ක් මැරූ කළුතර ප්‍රහාරයේ මහ මොළකරු හඳුනා ගනී
කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ඇතුළු ඊට සම්බන්ධ තවත් සැකකරුවන් බහුතරයක් මේ වනවිට හඳුනා ගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ය.
ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් විදේශගත වීමේ සැලැස්මක් ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ වෙත මෙම පුද්ගලයින් පිළිබඳ තොරතුරු සපයා ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.
සැකකරුවන් පිළිබඳ විමසිලිමත් වීමට විශේෂ පොලිස් කණ්ඩායම් 2ක් අදාළ ගුවන් තොටුපොළවල වෙත යවා තිබේ.
මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ, පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ විශේෂ අධික්ෂණය යටතේ ය.
පසුගිය 27 වන දා කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය දක්වා රැඳවියන් ප්‍රවාහනය කළ බන්ධනාගාර බස් රථයකට එල්ල වු මෙම ප්‍රහාරයෙන් පාතාල නායකයෙකු වූ ‘සමයං’ ඇතුළු රැඳවියන් 5 දෙනෙක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ප්‍රහාරයෙන් පසු ප්‍රහාරකයින් පළා ගිය බවට සැක කෙරෙන වෑන් රථයක් මොරගහහේන ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පසු දා සොයා ගැනිණ.

Post a Comment