Header Ads

සිසුන් වාර විභාගය ලියද්දී මහනුවර පාසලක වහළ කඩා වැටෙයි.....කෝටි හතරට ගත්ත නිලරථයේ ගිහින් බලලා වරෙන්....

ශිෂ්‍යත්ව විභාග අපේක්‌ෂිත සිසුන් පිරිසක්‌ වාර විභාගයට පිළිතුරු ලියමින් සිටියදී ඊයේ (30 දා) පෙරවරුවේ මහනුවර සිරිමල්වත්ත විදුහලේ ගොඩනැඟිල්ලක වහළය කඩා වැටීමෙන් සිසුන් විසිදෙදෙනකු සහ ගුරුවරයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මධ්‍යම පළාතේ පාසල් සංවර්ධනය සඳහා 2016 වසරට ලබා දී තිබූ මුදලින් රුපියල් මිලියන නවසිය හැත්තෑවක්‌ (970) හරවා යවා ඇති අතර, අවුරුදු ගණනාවක්‌ කිසිම අලුත්වැඩියාවක්‌ නොකළ මෙවැනි පාසල් ගොඩනැඟිලි දිරාපත්ව කඩා වැටී දරුවන්ගේ ජීවිත අනතුරට පත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කිරීමට දෙමාපියෝ බලාපොරොත්තු වෙති.

මෙම පාසල වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් වේ. පාසල් ගොඩනැඟිල්ලේ වහළ කඩා වැටෙන අවස්‌ථාවේ දරුවන් හතළිහකට අධික පිරිසක්‌ එහි වාර විභාගයට පිළිතුරු ලියමින් සිට ඇත. වහළයේ කොටසක්‌ කඩා වැටීමෙන් එක්‌ පන්තියකට පමණක්‌ හානි වී ඇති අයුරු දැක ගත හැකි විය.

තුවාලකරුවන් මහනුවර සහ යක්‌ගහපිටිය රෝහල් වෙත ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වීම විදුහල්පතිනිය ප්‍රතික්‌ෂේප කළාය.

අනතුර පරීක්‌ෂා කිරීමට එහි ගිය මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය මෙවන් අනතුරක්‌ සිදු වීමට පෙර එය වළක්‌වා ගැනීමට කටයුතු නොකළේ මන්දැයි ප්‍රශ්න කළ අතර, දෙමව්පියන්ගේ අදහස්‌වලටද සවන් දුන්නාය.

අධ්‍යාපන අමාත්‍ය හා පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අනතුරට පත් වූ දරුවන්ගේ සුවදුක්‌ විමසීමට රෝහල වෙත ගොස්‌ තිබිණි.

No comments

Powered by Blogger.