Header Ads

මිතුරිය නිසා ධුරය අහිමි වූ දකුණු කොරියා ජනපතිනිය

දකුණු කොරියා ජනපතිනී පාක් ගෙයුම් හේ එම තනතුරින් ඉවත් කිරිමට දකුණු කොරියා අධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ නායකයෙකු එම ධුරයෙන් ඉවත් කරන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්ව තිබේ. ඇයට එරෙහිව පවතින දූෂණ චෝදනා හේතුවෙන් පාක්ට සිය ධුරය අහිමිවී තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේදි දෝශාභියෝගයකින් ජනපතිනිය ධුරයෙන් ඉවත්  කිරීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුවට තීරණය කර අතර එම තීරණය ඒකමතිකව අධිකරණය විසින් පිළිගන්නා ලදී.  අධිකරණය විසින් පාර්ලිමේන්තුවේ තීරණය පිළිගැනීමත් සමග සිය ධුරය අහිමිවන පාක් ගෙයුම් හේට ඉදිරියේදී අපරාධ චෝදනා සඳහා පෙනී සිටීමටත් සිදුවෙනු ඇත.
තීන්දුව ප්‍රකාශ කිරිමත් සමග අධිකරණය ඉදිරිපිට දැඩි කලහකාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
දකුණු කොරියාවේ මීළඟ ජනපතිවරණය දින 60ක් ඇතුළත පැවැත්වෙනු ඇත. පාක් ගෙයුම්ගේ සමීපතම මිතරියක් හේතුවෙන් ඇයට මෙසේ සිය ධුරය අහිමි වී ඇත. 
චෝයි සූන් සිල් නැමැති පාක්ගේ මිතුරියක් පවත්වාගෙන යන ලාභ නොලබන පදකමක් සඳහා දකුණු කොරියානු ව්‍යාපාරිකයන්ගෙන් මුද් ලබාගැනීමට චෝයි ජනපතිවරියගේ බලතල අනිසි ලෙස භාවිත කර තිබීම දකුණු කොරියානු ජනපතිවරියට සිය ධූරය අහිමිවීමට හේතුව වෙයි.
මෙම නීතිවිරෝධී ක්‍රියාව සඳහා  ජනපතිවරියද පෞද්ගලිකව එයට සම්බන්ධවී ඇති අතර ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛණද චෝයිට ලබා දී ඇතැයි පැවැසේ.
0 1 2 3 4
 
 
 

No comments

Powered by Blogger.