Header Ads

මට දුකයි ලැජ්ජයි ....ඇමැති ලේකම් පුතා අම්මට කරපු දේග

ප්‍රබල ඇමැතිවරයෙකුගේ ලේකම්වරයකු යෑයි කියාගත් පුද්ගලයෙකු තම 83 හැවිරිදි මව පසුගිය පෝයදා (12 දා) රාත්‍රියේදී පන්නිපිටිය ප්‍රදේශයේ මහමඟ දමා ගොස්‌ සිටියදී කොට්‌ටාව පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.

තම වැඩිමහල් පුතා මෙලෙස පෙරදා රාත්‍රියේ මහමඟට රැගෙන විත් දමා ගිය බව වයෝවෘද්ධ මව පොලිසියට පවසා තිබිණි. විශ්‍රාමික ගුරුවරියක්‌ වන ඇයට පුතුන් තිදෙනකු සිටි බවත් ඉන් බාලම පුතු යුද හමුදා සේවයේදී මියගිය බවත් සෙසු පුතාලා දෙදෙනාගෙන් වැඩිමහල් පුතා රජයේ අමාත්‍යවරයෙකු ළඟ කටයුතු කරන බවත් ඇය පැවසුවාය. ඇය මෙසේ ද කීවාය.

ජීවත්ව සිටින දෙවෙනි පුතා සහ ලේලිය තමන්ට අයත් පන්නිපිටිය මොරකැටිය පරණ පාරේ නිවසේ මගේ ආල්මාරිය කඩා ඔප්පුව සොරකම් කර බලෙන් ලියවා ගත්තා. එවකට මා එය මිලදී ගත්තේ රු. 43000 ක්‌ වැනි මිලකටයි. දැන් එය කෝටි දෙකකට වඩා වටිනවා. එහි මේ වන විට දෙවෙනි පුතා සමග ලේලිය ජීවත් වෙනවා.

මමත් ඔවුන් සමඟ ජීවත් වුණා. ඒ ජීවත් වන කාලයේ ලේලිය විසින් රැජින මයි අපේ රාඡ්ඡේ කිය කියා මාහට උසුළු විසුළු කළා. බාල පුතා මියගිය අවස්‌ථාවේ ලැබුණු වන්දි මුදල වන රුපියල් ලක්‍ෂ 20 සහ මාහට මාසිකව ලැබෙන මාසික විශ්‍රාම දීමනාව වන රුපියල් 90000 ක්‌ පමණ එම පුතා සහ ලේලිය මට පහරදී උදුරා ගත්තා.

පසුගිය දිනක එම මාසික දීමනාව ලබාදීමට මා අකැමැත්ත ප්‍රකාශ කළ විට මගේ අතකරකවල පහර දුන්නා. පුතාගෙ වාහනයට ගෙවන්න කියා සෑම මසකම රුපියල් හතළිස්‌දහස බැගින් මේ වන විට රුපියල් ලක්‍ෂ දෙකක මුදලක්‌ ඒ අය ලබාගෙන තිබෙනවා. මගේ හැඳුනුම්පතයි මියගිය පුතාගේ ලියකියවිලියි පසුගිය දිනක මේ අය පිච්චුවා.

මීට මාස 02 කට පමණ පෙර පිටිපන ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකට පුතා සහ ලේලිය ගොස්‌ මට මානසික ලෙඩක්‌ තිබෙන බව පවසා එහි නතර කළා. පසුව පසුගිය පෙබරවාරි 18 දින ලොකු පුතා එම නිවාසයට පැමිණ මා රැගෙන ගොස්‌ මාකොළ ප්‍රදේශයේ කාමරයක නතර කළා. ඊට පසුව පෝයදා සවස එහි පැමිණ වෙන නවාතැනකට යමු කියා මාව වාහනයට නංවා ගත්තා. එහිදී නැවත පැමිණියේ පොඩි පුතා ළඟට බවට මට තේරුණා.

එහිදී ලේලිය පැමිණ ගේට්‌ටුව ඇරියා. මම වාහනේ සිටිනවා දැක ගේට්‌ටුව ලොක්‌ කර ඇය නිවස තුළට ගොස්‌ දොර වසා ලයිට්‌ නිවා ගත්තා. ලොකු පුතා මාව ගේට්‌ටුව අසල බස්‌සවා රෙදි බෑග් ටිකද බිමට දමා ගේට්‌ටුව ඇරියාම ගෙට යන්න එයාලා අම්මගෙ ඒවා කකා ඉන්නවා කියා යන්න ගියා. එහෙත් ගේට්‌ටුව ඇරුණේ නෑ. වට පිටාවේ ඇය මා දෙස බලා සිටියා. මට ලැඡ්ජාවක්‌ ඇතිවුණා. පාරේ ගිය ත්‍රිරෝද රථයක්‌ නතර කර ඉන් මා පොලිසියට ආවා.

1981 වසරේ මගේ සැමියා මිය ගියාට පසු මා දෙවෙනි පුතා සහ ලේලිය සමඟ ජීවත් වුණා. ලොකු පුතාගේ විවාහය අසාර්ථකවී වෙනත් කාන්තාවක්‌ සමඟ ජීවත් වනවා. මේ අතර තුරදී මාව මෙලෙස ආනාරක්‍ෂිත අන්දමින් මහ මඟ දමා ගියා.

මට ලැඡ්ජයි දුකයි අද වැනි පෝය දිනක ඇයි අම්මාට දරුවො මෙසේ කටයුතු කරන්නේ මම ආසරණයි. ඇය හැඬූ කඳුළින් පැවසුවාය. මෙම සිද්ධියට අදාළව එම මවගේ පුතුන් දෙදෙනා කොට්‌ටාව පොලිසියට කැඳවා දෙපාර්ශ්වයම සමථ කෙරිණි. මව වැඩිහිටි නිවාසයකට යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒකකායක මහතාගේ උපදෙස්‌ මත උ.පො. ප. එච්. සුජිත් පො. සැ. (28041) බන්දුල කා. පො. කො. (10028) සචිනි යන නිලධාරීහු පරීක්‍ෂණ කරති.

ඔරුවල - සරත් ද සිල්වා, ඇන්ටන් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.