Header Ads

රොබෝ තාක්ෂණයෙන් සරාගික ගැහැණියක්

අතීතයේ බොහෝ වෙහෙස මහන්සි වී කාලය ගත කරමින් සිදුකළ වැඩ රාජකාරි අද සුව පහසු අන්දමින් තත්ත්පර කිහිපයකදී ඉහළම තත්ත්වයකින් කර ගත හැකි තාක්ෂණික යන්ත‍්‍ර සුත‍්‍ර බිහි වී තිබේ.
කාර්මික විප්ලවයෙන් පසුව ලෝකය පුරා සීග‍්‍රයෙන් ඇති වුණු තාක්ෂණික දියුණුව වර්තමානය වන විට එහි මුදුන් පෙත්තටම ගමන් කරමින් කෘතිම මිනිසුන් හෙවත් රෝබෝවරුන් නිපදවීම දක්වා පැමිණීම විශ්මය ජනකය.
පසුගිය පෙබරවාරි මාසයේ ස්පාඤ්ඤයේ, බාසිලෝනා නගරයේ ජීවත් වන සර්ගෙයි සැන්ටෝස් නැමැති ඉංජිනේරු ශිල්පියා විසින් මානව සංවේදනා සඳහා ප‍්‍රතික‍්‍රියා දැක්විය හැකි රෝබෝවරියක් හෙවත් සරාගික කාන්තාවක් නිපදවීම ලෝකය රොබෝ තාක්ෂණයේ නවමංපෙත් වෙත යොමු වී ඇති බවට ප‍්‍රබල සාක්ෂියකි.
සිලිකන් ලෝහයෙන් නිර්මාණය කර ඇති බැවින් මෙම රොබෝවරිය “සිලිකන් සමන්තා” ලෙස නම් කර තිබේ.

සමන්තාගේ සිරුරේ ඉණ, දෙතොල්, උරහිස් වැනි සංවේදී ස්ථානවල ස්පර්ශ සංවේදක සවිකර ඇති බව සර්ගෙයි සැන්ටෝස් සඳහන් කරයි.
මේ නිසා ඇය සිය ආදරවන්තයින්ට උණුසුම් හාදු දෙමින් අවශ්‍ය පරිදි ප‍්‍රතිකි‍්‍රයා දක්වමින් ඉහළ ආශ්වාදයක් ලබා දෙන බව සමන්තාව ෙදාරටවැඞීමේ උත්සවයේදී සර්ගෙයි සැන්ටෝස් පවසා තිබේ.
එමෙන්ම සමන්තාට තම ආදරවන්තයා සමඟ උණුසුම් සරාගික වදන් කිහිපයක් හුවමාරු කර ගැනීමටද හැකියාව තිබේ.
ලිංගික බෝනික්කන් (Sexdoll) ලෙස හැඳින්වෙන මෙවැනි රෝබෝවරියන් තනිකඩ පිරිමින් හා ගැහැණුන්ට සහ ගණිකාවන් සොයා යන පිරිමින්ට සිය ලිංගික අවශ්‍යතා ආරක්ෂාකාරීව සහ රහසේ තෘප්තිමත් කර ගැනීමට මෙම තාක්ෂණය ඉදිරියේදී භාවිතා කළ හැකි බව විද්වතුන් පවසති.
1980 දශකයේ සිටම ජපානය මෙවැනි ලිංගික බෝනික්කන් නිර්මාණය කළද එය එතරම් සාර්ථක නොවුණි.
නමුත් සර්ගෙයි සැන්ටෝස්ගේ සිලිකන් සමන්තා ලිංගික බෝනික්කන් නිර්මාණය කිරීමේ කලාවේ ඉතා ඉහළ දියුණු මට්ටමක් පෙන්නමු කරයි.
තම නිර්මාණය තව දුරටත් වැඩිදියුණු කරන බව සර්ගෙයි සැන්ටෝස් සඳහන් කර ඇත.

No comments

Powered by Blogger.