Header Ads

“සමීර සේනාරත්න වෙඩි තබාගත්තේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා” බස් ගැමුණු කියයි

සමීර සේනාරත්න ව්‍යාජ ලෙස වෙඩි තබා ගැනීම සිදු කළේ ඔහුගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා විය හැකි යැයි ඊයේ (01) මාධ්‍ය හමුවක් පවත්වමින් ගැමුණු විජේරත්න ප්‍රකාශ කර තිබේ.

සයිටම් ආයතනයේ දෙමාපිය සංසදයේ සභාපති ලෙස කටයුතු  කරන ගැමුණු විජේරත්න වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ  සමීර සේනාරත්නගේ වෙඩි තබා ගැනීමේ සිදුවීම දඩමීමා කරගෙන සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන දරුවන් අපහසුතාවට පත් නොකරන ලෙසය.

මෙම වෙඩිතබා ගැනීම රංගනයක් බව හෙළිදරව් වීමත් සමග නෙවිල් ප්‍රනාන්දු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වෛද්‍යවරයකු යැයි කියා ගන්නා සමීර සේනාරත්නගේ සේවය අත්හිටවූ බවයි. සයිටම් හොර උපාධි කඩය බේරා ගැනීම වෙනුවෙන් සිදු කළ රංගනය හෙළිදරව් වීමත් සමග මේ වනවිට සමීර සේනාරත්න ඊට බිලිදී සයිටම් බේරා ගැනීම සඳහා උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

සමීර සේනාරත්නට පුද්ගලික ප්‍රශ්නයක් වෙනුවෙන් මෙලෙස ව්‍යාජ ලෙස වෙඩි තබා ගැනීමක් සිදු කළ බවට ඇඟවීමට උත්සාහ කළත් සැබෑවටම සිදු වූයේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව මතුව තිබෙන සියලු විරෝධයන් යටපත් කර සයිටම් බේරා ගැනීමේත් වෙඩි තැබීම සිදු කරනු ලැබුවේ සයිටම් විරෝධී කණ්ඩායම් බව හඟවා එම විරෝධතාවයන් මර්දනය කිරීමේත් කුමන්ත්‍රණයක් ලෙස බව ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල  විරෝධී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

No comments

Powered by Blogger.