Header Ads

පැහැර ගැනීමට ලක්වූ නෞකාව මුදා හැරීමට සෝමාලි මුහුදු කොල්ලකරුවන් කප්පම් ඉල්ලයි

ඒරිස්  තර්ටීන් නෞකාව මේ වන විට සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් විසින් රඳවාගෙන සිටින ස්ථානය නිශ්චිතව හඳුනාගෙන ඇතැයි සෝමාලියානු ආරක්‍ෂක අංශ පවසනවා.

ඒ, සෝමාලියාවට අසන්නයේ පිහිටි අලූලා නමැති ප්‍රදේශයට නෞකාව රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අලූලා නමැති ප්‍රදේශය කිසිදු රාජ්‍යයකට අයත් නොවන සෝමාලියානු දේශසීමාවේ පිහිටා තිබෙන්නක්.

එය මුහුදු කොල්ලකරුවන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ මුඩුබිමක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

නෞකාව මේ වන විට නැංගුරම්ලා ඇති ස්ථානයට ඉහලින් එක්සත් ජාතීන්ගේ ගුවන්යානා විසින් ලබාගත් ඡායාරූප ද සෝමාලියානු ආරක්‍ෂක අංශ වෙත භාරදී තිබෙනවා.

නෞකාව ඇති ස්ථානයට මේ වන විට සෝමාලියානු ආරක්‍ෂක අංශ පිටත් වී ඇති අතර මුදාගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ හැකි බවයි සෝමාලියානු හමුදාව රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, නෞකාව පැහැරගත් මුහුදු කොල්ලකරුවන් රොයිටර් පුවත් සේවය සමග සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළේ සෝමාලියානු ආරක්‍ෂක හමුදාවලට පහරදීම සඳහා ආහාර සහ ආයුධ සහිතව අදාළ මුහුදු කලාපයේ තමන් සන්නද්ධව සිටින බවයි.

එරිස් තර්ටීන් නෞකාව පසුගිය ජනවාරි දක්වා ශ්‍රී ලංකාවේ සමාගමක ලියාපදිංචි වී තිබූ අතර, මේ වන විට එය ලියාපදිංචි වී ඇත්තේ  එක්සත් අරාබි එමීරයේ සමාගමක බව ශ්‍රී ලංකා නාවුක හමුදාව එය තහවුරු කළා.

පසුගිය ජනවාරි අග එරිස් තර්ටීන් නෞකාව කොළඹ වරායේ ද නැංගුරම්ලා තිබුණා.

ඉන්පසුව ගමන් ආරම්භ කළ නෞකාව සෝමාලි දේශ සීමාව පසු කරන විට මුහුදු කොල්ලකරුවන්ගේ අතට පත් වූයේ පෙරේදා රාත්‍රී කාලයේදියි.

කොල්ලකරුවන්ගේ ග්‍රහනයට නතුවන අවස්ථාවේ එරිස් තර්ටීන් නෞකාව ශ්‍රී ලංකා ධජය සහිතව යාත්‍රා කර තිබෙනවා.

කෙසේ වෙතත්, මීට ටික වේලාවකට පෙර රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මේ වන විට එරිස් තර්ටීන් නෞකාවේ කැමරොස් නමැති දූපත් රාජ්‍යයේ ධජයක් ප්‍රදර්ශනය වන බවයි.

කැමරොස් රාජ්‍යයද කුඩා දූපත් සමූහයක් ලෙස සෝමාලියානු දේශ සීමාවේ පිහිටා තිබෙනවා.

කොල්ලකරුවන් භාරයේ තිබෙනව නෞකාවේ ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු කාර්යමණ්ඩලය ලෙස සේවය කරන  බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා නාවුක හමුදාව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය  ඊයේ ප්‍රකාශ කළා.

නෞකාවේ සේවය කරන තවත් විදේශීය ජාතිකයන් සිටිය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පැහැර ගැනීමට ලක්වූ නෞකාව මුදා හැරීම සඳහා සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් කප්පම් ඉල්ලා තිබෙනවා.

යුරෝපීය නාවික හමුදාව මුහුදු කොල්ලකරුවන් සමග සිදුකළ දුරකථන සංවාදයකදී නැව මුදා හැරීමට මෙලෙස කප්පම් ඉල්ලා ඇති බව සදහන්.

ඒරිස් තර්ටින්ි නැමති එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයත් මෙම නෞකාව ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාවේ මොගඩිෂු දක්වා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස පැහැර ගැනිමට ලක්ව ඇති බවටයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

No comments

Powered by Blogger.