Header Ads

සයිටම් සටනේ ජවිපෙට කතා නෑ

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීම සදහා වන සටනෙන් ජවිපෙ ඉවත් කිරීම සදහා සටන මෙහෙයන ශිෂ්‍ය සංගමයට මූලිකත්වය දෙන දේශපාලන කණ්ඩායම තීරණය කොට ඇති බව වාර්තාවේ.අදාළ තීරණය ගෑනීමට හේතු වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ මෙකී සටන සදහා පිරිස් සහභාගීත්වය සම්බන්ධයෙන් මතු වූ කරුණු දැක්වීමකින් බව එම සටනේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කොට සිටී.
අදාළ සටනට මග පෙන්වීම සිදු කරන එම පාර්ශවයන් මේ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ ජවිපෙ මහන්සියක් නොමැතිව අනුන්ගේ පහනින් එළිය බැලීමට සූදානම් වන බවයි.
එසේම ජවිපෙ ඉහල පෙලේ නායකයින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය සමග පවත්වන සම්බන්ධතාවය මගින් සටන සම්බන්ධයෙන් ඔවුන්ගේ සදාචාරමත්භාවය ප්‍රශ්නයක් වී ඇති බවටද විවේචනයක් එල්ලවී ඇති බවද සදහන්වේ.
මේ අනුව ජවිපෙ නියෝජිතයින්ට සයිටම් සටනේ කතා පැවැත්වීමට වන අවස්ථාව ලබා නොදීමට එකී බලවේගය තීරණයකට එළඹ ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ

No comments

Powered by Blogger.