Header Ads

පෞද්ගලික රෝහලක දී දෑස් බැද නිරුවත වීඩියෝ කරලා..!

මහනුවර පෞද්ගලික රෝහලකට ස්කෑන් පරික්ෂාවක් සදහා ගිය වකුගඩු රෝගී හතළිස් හය හැවිරිදී මවක එම රෝහලේ ස්කෑන් කාමරය තුළදී රෙදි කඩකින්දෑස් බැද ජංගම දුරකථනයකින් ඇගේ ශරීරයේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ගතකළ එහි විකිරණ ශිල්පියෙකු මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් අද (29) අත් අඩංගුවට ගනු ලැබීය.
වකුගඩු රෝගයකින් පෙළෙන මෙම මව වෛද්‍ය නිර්දේශ මත ස්කෑන් පරීක්ෂාවකට රෝහල කරා ගොස් ඇති අතර එහිදී ස්කෑන් කාමරය තුළදී ඇගේ නිරුවත් ඡයාරූප හා වීඩියෝ ගෙන ඇත.
ඇගේ දෑස් බැද මද වේළාවක් ගතවන විට සැකසිතූ මෙම මව දෑස් ලිහා බැලූ විට සිද්ධිය තහවුරු වී ඇති අතර එහිදී විකිරණ ශිල්පියා දිව ගොස් තිබේ.අනතුරුව ඔහු පසු පස පන්නා පොරබැද ජංගම දුරකථනයද රැගෙනවත් එම මව පොලීසියට පැමිණිළි කැර ඇත.
මෙහිදී මෙම මවට තුවාලද සිදු වී ඇති අතර ඇය ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහල කරා අතුළත් කරනු ලැබ තිබේ.
අත් අඩංගුවට ගැණුනු ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එම මවගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ගෙන ඇති බවට පොලීසිය විසින් තහවුරු කරගනු ලැබීය. මෙයට අමතරව තවත් නිරුවත් වීඩියෝ හා ඡායාරූප එහි තිබී ඇත.
මධ්‍යම පළාත භර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ,නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහනුවර කොට්ඨාස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි එඩ්මන් මහේන්ද්‍ර යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා අ‍යේෂා බණ්ඩාර මහත්මිය ඇතුඵ නිළධාරිහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්ෂණ පවත්වති
මෙ අතර සැකකරු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

No comments

Powered by Blogger.