Header Ads

චේ හිටවපු මැහෝගනී ගස හොරෙන් කපන්න හදලා

මොරගහහේන පොලිස්‌ වසමේ යහලකැලේවත්තේ වසර හැට දෙකකට පෙර ෙච් ගුවේරා විසින් රෝපණය කරන ලද මැහෝගනි ගස ඇතුළු වටිනා දැව රහසිගතව කැපීමට සැලසුම් කළ සිවු දෙනෙක්‌ කළුතර දිසා අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම සිවු දෙනා ස්‌වයංක්‍රීය කියත් හා උපකරණ උපයෝගී කරගෙන චේ ගුවේරා විසින් රෝපණය කරන ලද ගස ආසන්නයේ පිහිටි වටිනා ගස්‌ කපා දමා ඇතැයි ද චේගුවේරා සිට වූ ගස කැපීමට පෙර එම පිරිස පොලිස්‌ අත්අඩංගුවට පත්වූ බව ද පොලිසිය පවසයි.

1956.08.8 වැනිදා කියුබාවේ සිට පැමිණි චේ ගුවේරා විසින් මෙම වත්තට පැමිණ නවාතැන් ගෙන සිට මෙම මැහෝගනි ගස සිටුවා ඇතැයිද සෑම වසරකම අගෝස්‌තු මස 8 වැනිදා කියුබානු තානාපතිවරයා පැමිණ මෙම ගස අසල මල් වඩම් තබා ෙච්ගුවේරා සිහිපත් කරන බවද පොලිසිය පවසයි.

කළුතර නියෝජ්‍ය පොලිස්‌පති ජී.කේ. පෙරේරා, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සමන් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කළුතර දිසා අපරාධ අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සුනෙත් ශාන්ත, උප පොලිස්‌ පරීක්‌ෂක ධම්මික යන නිලධාරීන් ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදු කර යහලකැලේ වත්තේ උසස්‌ නිලධාරියකු ඇතුළු පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් සිවු දෙනා හොරණ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කපා හෙලන ලද මැහෝගනී ගස්‌වල වටිනාකම මෙතෙක්‌ තක්‌සේරු කර නැත.

No comments

Powered by Blogger.