Header Ads

කැලෑවකදී කැමරාවකට හසුවූ කුඩා ප්‍රමාණයේ අභිරහස් මිනිසෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ බන්ඩා ආචේ ප්‍රදේශයේදී යතුරු පැදි ධාවකයන් පිරිසකගේ කැමරාවේ සටහන් වූ කුඩා ප්‍රමාණයේ මිනිසෙකු පිළිබඳ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.

හෙල්ලක් වැනි යමක් අතින් ගත් කුඩා ප්‍රමාණයේ පුද්ගලයෙක් මෝටර් බයිසිකල් දුටු විගස නිරුවතින් වනාන්තරය වෙත දිවයන අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා.


පුරාවෘත්ත වල සඳහන් වන පරිදි කැලෑවන් වල ජීවත්වූ දුර්ලභ මිනිස් විශේෂයක් වන්නට ඇතයි ඇතමුන් සැක පලකරනවා.

මොහු පසුපස යතුරුපැදිකරුවන් හඹා ගියත් ඔහුව අල්ලාගන්නට ඔවුන්ට හැකිවන්නේ නෑ.

අදාළ වීඩියෝපටය පහතින් බලන්න


No comments

Powered by Blogger.