Header Ads

පුද්ගලයන් තිදෙනෙකුගේ DNA මගින් දරුවන් නිපදවීමට අවසර

පුද්ගලයන් තිදෙනෙකුගෙන් ලබාගත් DNA ජාන මගින් දරුවන් නිපදවීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් හට අනුමැතිය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ Newcastle විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසන්නේ පුද්ගලයන් තිදෙනෙකුගෙන් ලබාගත් DNA ජාන උපයෝගී කරගනිමින් දරුවෙකු නිපදවීම මගින් මාරක ප්‍රවේනික රෝග වලින් කලලය ආරක්ෂා කරගත හැකි බවයි.

ඉකුත් දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් මෙම තාක්ෂණය භාවිතා කොට දෝෂ සහිත මයිටොකොන්ඩ්රියා නිවැරදි කිරීමට අවසර ලබා දී ඇත.

සෛලයේ න්‍යෂ්ටියෙන් පිටත ඇති ජීව පරිවෘත්තීය ක්‍රියා සඳහා ශක්තිය නිපදවන ව්‍යුහයක් ලෙස මයිටොකොන්ඩ්රියා ඉතා වැදගත් වේ. එබැවින් දෝෂ සහිත මයිටොකොන්ඩ්රියා මගින් මාංශපේශි ඇතුළු ප්‍රධාන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය අඩපන වීය හැක.

එසේම මෙම තාක්ෂණ දරු උපත් සඳහා භාවිතා කිරීම මගින් ප්‍රවේණිගතවන මාරක රෝග හඳුනාගෙන නිරෝගිමත් දරුවන් බිහිකිරීමට හැකිවෙතැයි ඔවුන් ප්‍රකාශ කරයි.

No comments

Powered by Blogger.