Header Ads

දැරියක් පාප් වහන්සේගේ හිස්වැසුම උදුරා ගනී (video)


අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් ආශිර්වාද ලැබීමට පැමිණි තුන් හැවිරිදි දැරියක් එතුමන් හිස පැළඳ සිටින හිස්වැස්ම ගලවා ගන්නා ආකාරය පෙන්වන වීඩියෝවක් මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ පැතිරෙනවා.
එස්ටෙලා වෙස්ට්‍රික් නැමැති මෙම දැරිය දෙමාපියන් සමග ඊයේ (22) රෝමයේ දේවස්ථානයකට පැමිණි අවස්ථාවේදීයි මේ සිදුවීම වී ඇත්තේ. පැය ගණනාවක් පුරා පෝලිමේ රැඳී සිටි දැරිය ආසන්නයෙන් පාප් වහන්සේ ගමන් ගන්නා අවස්ථාවේදී එතුමන්ගේ ආරක්ෂකයෙකු මේ හුරුබුහුටි දැරියව වඩා ඔසවා ආශිර්වාද ලබා ගැනීමට සලස්වන බව වීඩියෝවෙහි පෙනෙන්නට තිබෙනවා. එසැනින් ඇය හිස්වැසුම ගලවා ගන්නා අතර, ආරක්ෂකයන් විසින් ඇයගෙන් එය ලබාගෙන නැවත පාප් වහන්සේට පිරිනමනවා.
දැරිය ගැන කිසිඳු වරදකාරී බැල්මක් නොහෙලන පාප් වහන්සේට මේ හුරුබුහුටි කෙල්ලගේ දඟකාර ක්‍රියාව ගැන සිනහව නතර කරගැනීමට පවා නොහැකිවනවා.

No comments

Powered by Blogger.