Header Ads

සල්ලිවලින් සල්ලි මවන වාරියපොළ සක්විති (Video)

"පොඩි ගණන්වලට කරන්නේ නැහැ....උපරිම ලක්ෂ 5ක්වත් ඕනේ"

අපගේ මෙම හෙළිදරව්ව මෙම කූට ජාවාරම්කරුවන්ගේ හෙට දිනයේ ගොදුර ඔබ නොවීම සඳහායි...

හිරු සී.අයි.ඒ හරහා 22වනදා  අප හෙළි කළේ වාරියපොළ බස් නැවතුම්පොළ ආශ්‍රිතව ගැවසෙමින් මුදල් වංචා කර පළා යන පුද්ගලයෙකු පිළිබඳවයි.

මෙරට වලංගු මුදලින් රුපියල් ලක්ෂ 5 ක් ලබාදුන් විට රුපියල් ලක්ෂ 25 ක ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සිදු කරනවා.


මෙම පුද්ගලයා පවසන්නේ රුපියල් ලක්ෂ 5 කට අඩුවෙන් කිසිවිටෙකත් මෙම ගනුදෙනුව සිදු නොකරන බවයි.


හිරු සී.අයි.ඒ කළ ගවේෂණයේදී හෙළි වුණේ මෙම පුද්ගලයා ව්‍යාජ මුදල් නෝට්ටු ලෙස පෙන්වා සිටියේ මෙරට වලංගු මුදල් නෝට්ටුම බවයි.

කෙසේ වෙතත් අවසානයේ සිදු වන්නේ විවිධ පුද්ගලයන්ගෙන් වංචනිකව ලබා ගන්නා මුදල් රැගෙන මෙම පුද්ගලයා පළායෑමයි.

එම මුදල් වංචාකරුවන් ගැන රහසිගත තැමරා මගින් පටිගතකළ දර්ශන ඇතුළත් වීඩියෝව පහතින් බලන්න

No comments

Powered by Blogger.